නව කොරෝනා වෛරස ආසාදිතයෙකු ශ්‍රී ලංකාවේදී හමු වී ඇති බවට පලවී ඇති පුවත්වල කිසිදු සත්‍යතාවයක් නොමැති බව රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුව පවසයි.
සෞඛ්‍ය අමාත්‍යංශයේ ප්‍රධාන වසංගත රෝග විද්‍යාඥ, විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර මහතා කියා සිටියේ ශ්‍රී ලංකාවේ මෙතෙක් කොරෝනා වෛරස ආසාදතයෙකු ලෙස තහවුරු කර ඇත්තේ චීන ජාතික කාන්තාව පමණක් බවයි. ඇය ද මේ වන විට සුවය ලබා අංගොඩ ජාතික බෝනොවන රෝග විද්‍යායතනයේ සිටින බව සමරවීර මහතා කියා සිටියේය.
දිලිනි සමන්මලි