කොලොම්බියා ජනාධිපති ගුස්ටාවෝ පෙට්‍රෝ මහතා සහ ඔහුගේ දියණියන් ගමන් කළ හෙලිකොප්ටරය ඉලක්ක කර එල්ල කිරීමට ගිය සන්නද්ධ ප්‍රහාරයක් ව්‍යර්ථ කිරීමට එරට ආරක්ෂක අංශ සමත්ව තිබේ. හෙලිකොප්ටරය ගොඩබෑමට සූදානම් වූ ස්ථානයේ සන්නද්ධ පිරිසක් සැඟව සිටින බවට ලැබුණු බුද්ධි තොරතුරක් මත, ආරක්ෂක අංශ වහාම ක්‍රියාත්මක වී යානය ආරක්ෂිතව වෙනත් ස්ථානයකට යොමු කර ඇත.
තමන් සහ පවුලේ සාමාජිකයන් ඝාතනය කිරීමට සන්නද්ධ අපරාධ කල්ලි උත්සාහ ගන්නා බව ජනාධිපතිවරයා මීට පෙරද අනතුරු අඟවා තිබුණි. මෙම අපරාධ කල්ලි ඇමරිකාවට මත්ද්‍රව්‍ය ප්‍රවාහනය කරන බවට මීට පෙර ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් චෝදනා කළ අතර, ඒ සම්බන්ධයෙන් දෙරට අතර පැවති මතභේද මෑතකදී ධවල මන්දිරයේ පැවති සාකච්ඡාවකින් පසු සමනය විය.













