කොළඹ කොටස් වෙළඳපොළේ අද (26) දින ගනුදෙනු නිමාවන විට සියලු කොටස් මිල දර්ශකයේ (ASPI) කැපී පෙනෙන ඉහළ යාමක් වාර්තා වී තිබේ ඒ අනුව දිනය අවසානයේදී දර්ශකය ඒකක 78.13 කින් ඉහළ ගිය අතර සමස්ත දර්ශකය ඒකක 23,781.23 ක් ලෙස සටහන් විය
වෙළඳපොළේ ක්‍රියාකාරීත්වය පෙන්නුම් කරමින් අද දින වාර්තා වූ සමස්ත පිරිවැටුම රුපියල් බිලියන 4.9 ක් ලෙස සටහන් වූ අතර ආයෝජකයින්ගේ විශ්වාසය තවදුරටත් වර්ධනය වී ඇති බව මෙයින් පැහැදිලි වෙයි ප්‍රධාන පෙළේ සමාගම් රැසක කොටස් මිල ගණන් ඉහළ යාම මෙම දර්ශකයේ වර්ධනයට ප්‍රධාන වශයෙන් දායක වී ඇති බව නිරීක්ෂණය කළ හැකිය














