කොළඹ ප්‍රදේශයේ ජනප්‍රිය පාසලක ප්‍රධාන ශිෂ්‍ය නායකයා සහ ගුරුවරියන් තිදෙනෙකු අතර පවතින බව කියන සමීප සබඳතාවක් සහ ඒ සම්බන්ධ වීඩියෝ සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය වීම පිළිබඳව අධ්‍යාපන අමාත්‍යාංශයේ අවධානය යොමු වී තිබේ.
අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් නාලක කළුවැව මහතා විසින් මේ පිළිබඳව පූර්ණ වාර්තාවක් ලබා දෙන ලෙස අදාළ පාසලේ විදුහල්පතිවරයාට නියෝග කර ඇත.
දැනට සමාජ මාධ්‍ය ජාලාවල සංසරණය වන වීඩියෝ දර්ශන සම්බන්ධයෙන් අමාත්‍යාංශය දැනුවත් වී ඇති අතර, විදුහල්පතිවරයාගේ වාර්තාව ලැබීමෙන් පසු ඒ පිළිබඳව විධිමත් පරීක්ෂණයක් පවත්වා අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්නා බව ලේකම්වරයා සඳහන් කළේය.
මෙම සිද්ධියට අදාළ ශිෂ්‍යයා, අදාළ ගුරුවරියන් සහ මවුපියන් සම්බන්ධ වීඩියෝ කිහිපයක් මේ වන විට දැඩි ලෙස ප්‍රචාරය වෙමින් පවතින බව වාර්තා වේ.
කෙසේ වෙතත්, අදාළ වාර්තාව ලැබෙන තෙක් චෝදනා ලැබ සිටින ගුරුවරියන්ට එරෙහිව විනය ක්‍රියාමාර්ග ගැනීම ඇතුළු කිසිදු පියවරක් ගත නොහැකි බව ද ලේකම්වරයා අවධාරණය කළේය.
පාසල් පද්ධතියේ විනය සහ ගුරු-ශිෂ්‍ය සබඳතාවල ගෞරවනීයත්වය ආරක්ෂා කිරීම වෙනුවෙන් මෙම පරීක්ෂණය කඩිනම් කිරීමට බලධාරීන් අපේක්ෂා කරයි.














