කොළඹ මහ නගර සභාවේ බලය පිහිටුවීමට ජාතික ජන බලවේගයට එරෙහි පාර්ශ්වයන්ගේ ඒකතුවෙන් සැදුම්ලත් පාලනයකට අවශ්‍ය සහාය ලබා දෙන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ලෙස ඔවුන් තීරණයකට පැමිණ තිබේ.
මේ සම්බන්ධයෙන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහලේකම් සාගර කාරියවසම් මහතා මාධ්‍ය වෙත අදහස් දක්වමින් පැවසුවේ කොළඹ මහ නගර සභාවේ ජනතාව මාලිමාව ප්‍රතික්ෂේප කිරීමේ තත්ත්වයක් තුළ මාලිමාවට විරුද්ධ පාර්ශවයන්ගේ එකතුවෙන් සැදුම්ලත් පාලනයක් බිහිකිරීමට අවශ්‍ය සහායෝගය පක්ෂයක් හැටියට ලබා දීමට තීරණය කළ බවයි.
“කොළඹ නගර සභාවේ බලය පිහිටුවීම සම්බන්ධයෙන් පක්ෂය හැටියට පෙනී යන්නේ පවතින ආණ්ඩුවට කොළඹ මහ නගර සභා බල සීමාව තුළ පදිංචි වී සිටින ජනතාවගෙන් අති බහුතරයක් කැමැත්ත ප්‍රකාශ කරලා නැහැ. කොළඹ මහ නගර සභාවේ ජනතාව මාලිමාව ප්‍රතික්ෂේප කිරීමේ තත්ත්වයක් තුළ මාලිමාවට විරුද්ධ පාර්ශවයන්ගේ එකතුවෙන් සැදුම්ලත් පාලනයක් බිහිකිරීමට අවශ්‍ය සහායෝගය පක්ෂයක් හැටියට අපි ලබාදෙන්න කැමැතියි.” යනුවෙන් කාරියවසම් මහතා කියාසිටියි.