කොළඹ සිට කල්මුණේ සහ සමන්තුරේ බලා ධාවනය වූ සුඛෝපභෝගී බස් රථයකින් ප්‍රවාහනය කරමින් තිබූ රුපියල් මිලියන 40කට අධික වටිනාකමකින් යුත් මත්ද්‍රව්‍ය තොගයක් පෙරියනීලාවනේයි ප්‍රදේශයේදී අත්අඩංගුවට ගැනීමට පොලිසිය සමත් වී තිබේ.
පෙරියනීලාවනේයි වී.සී හන්දියේදී සිදු කළ හදිසි පරීක්ෂාවකදී, සැකකරු සන්තකයේ තිබූ ගමන් මල්ලක සඟවා තිබූ හෙරොයින්, අයිස් (Ice), කේරළ ගංජා (KG) සහ හෑෂ් (Hash) යන මත්ද්‍රව්‍ය වර්ග රැසක් මෙලෙස පොලිස් භාරයට ගෙන ඇත. අත්අඩංගුවට ගත් ප්‍රධාන සැකකරු අක්කරපත්තුව ප්‍රදේශයේ පදිංචි 49 හැවිරිදි පුද්ගලයෙකි.
අත්අඩංගුවට ගත් මත්ද්‍රව්‍ය අතර හෙරොයින් ග්‍රෑම් 15ක්, අයිස් ග්‍රෑම් 73ක්, කේරළ ගංජා ග්‍රෑම් 34ක් සහ හෑෂ් ග්‍රෑම් 94කට අධික ප්‍රමාණයක් අඩංගු බව පෙරියනීලවන පොලිසිය සඳහන් කරයි.
මෙම ප්‍රධාන සැකකරුගෙන් සිදු කළ ප්‍රශ්න කිරීම්වලදී අනාවරණය වූ තොරතුරු මත, සමන්තුරේ කරවට්ටුකල් ප්‍රදේශයේදී තවත් මත්ද්‍රව්‍ය තොගයක් සමඟ දෙවන සැකකරුවෙකු ද අත්අඩංගුවට ගැනීමට නිලධාරීන් කටයුතු කර තිබේ.
මෙම ජාලය හරහා කොළඹ සිට නැගෙනහිර පළාතට මහා පරිමාණයෙන් මත්ද්‍රව්‍ය බෙදාහැරීම සිදුව ඇති බවට පොලිසිය සැක පළ කරයි.














