හොරණ – කොළඹ මාර්ග අංක 120 පෞද්ගලික බස් රථ අද (25) දින ධාවනයෙන් ඉවත් වීමට තීරණය කර තිබෙන බවට පුවතක් වාර්තා වනවා.
ඒ මිල්ලෑව හොරණ හරහා කොළඹ දක්වා නව බස්රථයක් යෙදවීමට විරෝධය පළකරමින්.
මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරීයේ සභාපතිවරයා විසින් අත්තනෝමතික ලෙස නිසි ක්‍රමවේදයෙන් පරිබාහිරව මෙම බස් රථය යෙදවීමට ක්‍රියා කිරිම හේතුවෙන් මෙලෙස බස් ධාවනයයෙන් ඉවත් වී ඇති බවයි ඔවුන් පැවසුවේ.
මේ සඳහා විසඳුමක් නොලැබුණහොත් ඉදිරියේදී සෙසු මාර්ග ද මෙම විරෝධතාවයට එක්කර ගන්නා බවයි හොරණ – කොළඹ පෞද්ගලික බස් රථ හිමියන්ගේ සංගමයේ සභාපති ජනක ගුණසිරි මහතා පවසා සිටියේ,
කෙසේ වෙතත් අපහසුතාවයට පත් මගින් වෙනුවෙන් ලංගම බස් රථ යෙදීමට කටයුතු කර තිබෙන බවයි වාර්තා වන්නේ.
මේ අතර, හොරණ – කොළඹ මාර්ගයේ වේලා සටහන්කරුවන් නිසි ලෙස රාජකාරිය ඉටුනොකිරීම සහ අසාධාරණ ලෙස අයතා අන්දමින් මුදල් ලබාගැනීමට පෙළඹී ඇති බවත් ඒ සඳහා නිසි විසඳුමක් ලබාදෙන ලෙසත් මොවුන් බලධාරීන්ගෙන් ඉල්ලා සිටිනවා.