ආසියානු සංවර්ධන බැංකුව හා ලෝක බැංකු ආධාර මත ක්‍රියාත්මක ආංශික නිපුණතා සංවර්ධන වැඩසටහන අනුග්‍රහයෙන් ඉදි කරන ලද ගම්පහ දිස්ත්‍රික් පහළයාගොඩ වෘත්තීය පුහුණු මධ්‍යස්ථානය ඊයේ (27) සිසු අයිතියට පත් කෙරිණි.
ඒ, ශ්‍රී ලංකා වෘත්තීය පුහුණු අධිකාරියේ සභාපති දමිත වික්‍රමසිංහ මහතාගේ ආරාධනයෙන් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ සුරතින්.
මෙම වෘත්තීය පුහුණු මධ්‍යස්ථානය අති නවීන පහසුකම් වලින් සපිරිය. මෙම විවෘත කිරීමේ අවස්ථාවට හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඇතුළු මැති ඇමතිවරුන් රාශියක් මෙන් ම බොහෝ පිරිසක් එක්ව සිටියේය.
දිලිනි සමන්මලි