27 April 2024
#දේශීය

ආණ්ඩුව පෙරළන්න මහසොනා එක්ක හරි එකතු වෙනවා – මන්ත්‍රී වෙල්ගම කියයි

වත්මන් ආණ්ඩුව පෙරළිමට තමා බිහිකරන සන්ධානය මහසොනා සමඟ හෝ එකතු වන බව පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර වෙල්ගම මහතා පවසයි.

TTVnews.lk වෙබ් අඩවිය කල විමසිමකදී ඒ මහතා කියා සිටියේ ඉදිරියට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය පිරිස් එක් රැස් කරමින් පක්ෂයක් මෙන්ම සන්ධානයක් බිහි කරන බවයි.

එහි නායකයා තමා බවත් එම සන්ධානයට සියළු බලවේග එක්රැස් කිරීමට කටයුතු කරන බව හෙතෙම පැවසිය.

මෙම සන්ධානය බිහි කිරීම සම්බන්ධයෙන් සියළු සාකච්ඡා කර ඇති බවත් ඉදිරියේදී එයට එක්වන්නට කැමැති පිරිස් සඳහා ආරාධනා කරන බව වෙල්ගම මහතා වැඩිදුරටත් කියා සිටියේය.

 

 

සාකච්ඡා කළේ – දිලිනි සමන්මලි

Leave a comment

Your email address will not be published. Required fields are marked *