බගවන්තලාව, ටින්සින්වත්ත ප්‍රදේශයේ බලපත්‍ර නොමැතිව නීතිවිරෝධී ලෙස මැණික් පතල් කැණීම් කරමින් සිටි පුද්ගලයන් දෙදෙනෙකු බගවන්තලාව පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. පොලිසියට ලැබුණු තොරතුරකට අනුව සිදුකළ මෙම වටලෑමේදී සැකකරුවන් සමඟ මැණික් ගැරීම සඳහා භාවිත කළ උපකරණ ද පොලිස් භාරයට ගෙන ඇත.
අත්අඩංගුවට ගත් සැකකරුවන් වයස අවුරුදු 29 සහ 43 යන වයස්වල පසුවන බගවන්තලාව ප්‍රදේශයේම පදිංචිකරුවන් බව හඳුනාගෙන තිබේ. සිද්ධිය සම්බන්ධයෙන් බගවන්තලාව පොලිසිය වැඩිදුර විමර්ශන පවත්වාගෙන යනු ලබයි.














