ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් ග්‍රීන්ලන්තය අමෙරිකාවට ඈඳා ගන්නා බවට වරින් වර සිදු කරන ප්‍රකාශ හේතුවෙන්, මේ වන විට අමෙරිකාව සහ යුරෝපය අතර දැඩි රාජ්‍යතාන්ත්‍රික හා ආරක්ෂක අර්බුදයක් නිර්මාණය වී තිබේ.
මෙම තර්ජනාත්මක ප්‍රකාශ හුදු වාචික මට්ටමෙන් ඔබ්බට යමින් ප්‍රායෝගික ගැටලුවක් බවට පත්ව ඇති අතර, එය යුරෝපා කලාපයේ ස්වෛරීභාවයට එල්ල වූ අභියෝගයක් ලෙස යුරෝපා රටවල් සලකනු ලබයි.
මෙම තත්ත්වයට ප්‍රතිචාර දැක්වීමක් ලෙසත්, ග්‍රීන්ලන්තයේ ආරක්ෂාව තහවුරු කිරීම සඳහාත් ඒකාබද්ධ හමුදා සේනාංක සහ නෞකා එම කලාපය වෙත යොමු කිරීමට යුරෝපා රටවල් කිහිපයක් පියවර ගෙන ඇත. ජර්මනිය, ප්‍රංශය, ස්වීඩනය, නෝර්වේ, ෆින්ලන්තය, නෙදර්ලන්තය සහ බ්‍රිතාන්‍යය යන රටවල් එක්ව මෙම සුවිශේෂී ආරක්ෂක මෙහෙයුම ක්‍රියාත්මක කරයි.
මෙම ඒකාබද්ධ හමුදා මැදිහත්වීම හරහා යුරෝපය අවධාරණය කරන්නේ ග්‍රීන්ලන්තය සම්බන්ධයෙන් ඇමෙරිකාව දරන ස්ථාවරයට තමන් දැඩි ලෙස විරුද්ධ වන බවයි. මෙම යුදමය සහ දේශපාලනික පෙරළිය හේතුවෙන් අත්ලාන්තික් සාගර කලාපයේ උණුසුම්කාරී වාතාවරණයක් තවදුරටත් වර්ධනය වෙමින් පවතී.














