ගැබ්ගෙල පිළිකා කල්තියා හඳුනා ගැනීම සහ ප්‍රතිකාර කිරීම සඳහා භාවිත කරනු ලබන රුපියල් ලක්ෂ 60ක් වටිනා ‘කොල්පොස්කොපි’ (Colposcope) යන්ත්‍ර 12ක් දිවයිනේ ප්‍රධාන රෝහල් 12ක් වෙත බෙදා දීම සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතාගේ ප්‍රධානත්වයෙන් අද (23) සිදු විය.
සෞඛ්‍ය අමාත්‍යාංශය මඟින් මේ සඳහා වැය කර ඇති මුළු මුදල රුපියල් මිලියන 72කට (ලක්ෂ 720) අධිකය.
මෙම නවීන යන්ත්‍ර අනුරාධපුර, බදුල්ල, මඩකලපුව, යාපනය, කුරුණෑගල, මහනුවර, ගම්පහ, මාතර (ලැබීම රෝහල), මොණරාගල, පුත්තලම, හම්බන්තොට යන දිස්ත්‍රික්කවල රෝහල් වෙත සහ කොළඹ ද සොයිසා කාන්තා රෝහල වෙත ලබා දී තිබේ.
කොල්පොස්කොප් යන්ත්‍රය මඟින් ගැබ්ගෙල පටක ඉතා සවිස්තරාත්මකව විශාලනය කර පරීක්ෂා කිරීමට අවස්ථාව ලැබෙන බැවින්, අසාමාන්‍ය සෛල හෝ පිළිකා තත්ත්වයන් මූලික අවධියේදීම හඳුනාගෙන අවශ්‍ය ප්‍රතිකාර කඩිනම් කිරීමට වෛද්‍යවරුන්ට හැකියාව ලැබේ.
ප්‍රසව හා නාරිවේද විශේෂඥයන් සහ නාරිවේද පිළිකා විශේෂඥ ශල්‍ය වෛද්‍යවරුන් විසින් මෙම සේවාවන් මෙහෙයවනු ඇත.











