පන්ති භාර ගුරුවරිය පහරදීමෙන් ඇදවැටුණ ආණමඩුව විදුහලක ශිෂ්‍යාවක් රෝහල් ගත කොට ඇතැ යි සිසුවියගේ පියා පැමිණිල්ලක් සිදු කර ඇතැයි ආණමඩුව පොලිසිය කියයි.
ආණමඩුව මූලික රෝහලට ඇතුලත් කිරීමෙන් අනතුරුව සිසුවිය පුත්තලම රෝහලට මාරු කොට යවා තිබේ.
අදාල ගුරුවරිය විසින් පෙළ පොත් බෙදා දිමෙදි මෙම සිසුවියට පොත් ලබා දි නොමැති බවත් එ පිළිබදව විමසිමේදි සියලුම සිසුන් ඉදිරියේ සිසුවියට පවුලේ උදවියටත් අපහාස කරමින් බැණ වැදි ඇති බවත්.පසුව කිහිප විටක් පහර දිමෙන පසු ඇය පුටුවෙන් ඇද වැටි ඇති බවත් පියා කළ පැමිණිල්ලේ සදහන්ය.
” මේ පිළිබදව ආණමඩුව වැඩ බලන පොලිස් ස්ථානාධිපතිවරයාගෙන් විමසීමේ දී එම මහතා පැවසුවේ වැඩ බලන පොලිස් ස්ථානාධිපතිවරයා වශයෙන් මේ පිළිබදව කිසිවක් පැවසිය නොහැකි බව ය.