• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් සංවර්ධන

ගොවියා රජ කරවීමේ සැබෑ වැඩපිළිවෙළ එන්ටප්‍රයිස් ශ්‍රී ලංකා යටතේ – ඇමැති මංගල කියයි !

28 January 2019
in සංවර්ධන
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter

මඩ සෝදාගත් කළ ගොවියා රජකමටත් සුදුසු යැයි ප්‍රචලිතව තිබුණ ද ගොවියා රජ කරවීමේ සැබෑ වැඩපිළිවෙළ ආරම්භ කළේ වත්මන් රජය බව මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මහතා පවසයි.
එන්ටප්‍රයිස් ශ්‍රී ලංකා සහන ණය යෝජනා ක්‍රමය යටතේ මෙරට ගොවි ජනතාව පමණක් නොව ක්ෂේත්‍ර රැසක පිරිසක් වෙත ව්‍යවසායකත්වය කරා පිවිසීමේ අවස්ථාව උදාකර දී ඇති බව අමාත්‍යවරයා පෙන්වා දෙයි.

අමාත්‍යවරයා මේ බව පැවසුවේ අද (28) දඹුල්ල පිරිවෙන වැව භූමියේ දී එන්ටප්‍රයිස් ශ්‍රී ලංකා ගොවි සහන ණය යෝජනා ක්‍රමය ආරම්භ කිරීමේ උත්සවයට එක් වෙමිනි.

අමාත්‍යවරයා එහි දී කියා සිටියේ ව්‍යවසායකත්ය යනු ශ්‍රී ලාංකිකයන්ට අලුතෙන් කියා දීමට අවශ්‍ය දෙයක් නොවන බවයි. අතීතයේ සිටම ශ්‍රී ලාංකිකයෝ දක්ෂ ව්‍යවසායකයෝ ය. දිවයිනේ විවිධ ප්‍රදේශවල කර ඇති කැණීම්වලින් හමුව ඇති චීන, ඊජිප්තු, පර්සියන් කාසි වර්ග ඊට උදාහරණ දක්වයි. වත්මන් රජය එන්ටප්‍රයිස් ශ්‍රී ලංකා සහන ණය යෝජනා ක්‍රමය ක්‍රියාත්මක කළේ ඒ අතීතය යළිත් ලක් දෙරණ මත යථාර්ථයක් බවට පත් කිරීමේ අරමුණිනි. අද අප මේ අරම්භ කරන්නට වූ ගොවි සහන ණය යෝජනා ක්‍රම මගින් ලක්ෂ 7500 දක්වා විවිධ මට්ටමේ ණය ලබා දෙනු ලබයි. පොලිය සාමාන්‍ය පොලී අනුපාතයෙන් අඩකි. උපාධිධාරීන්ට ණය ලබා දෙනු ලබන්නේ පොලිය අය කිරීමකින් තොරව ය.

2019 වසර ආරම්භ වන්නේ පැවැති එන්ටප්‍රයිස් ශ්‍රී ලංකා සහන ණය යෝජනා ක්‍රමය තවත් පුළුල් කරමිනි. මීට පෙර ක්‍රියාත්මක වූ ණය යෝජනා ක්‍රමවලට අමතරව නව ණය වර්ග කිහිපයක් ම අලුතින් හඳුන්වා දී ඇත.

විදේශගත ශ්‍රී ලාංකිකයන්ට තමන්ගේ ම නිවාසක් සාදා ගැනීම සඳහා රුපියල් ලක්ෂ 100ක උපරිම ණය මුදලක් ලබා දීම එක් නව ණය යෝජනා ක්‍රමයකි. පවතින් පොලී අනුපාතයෙන් 50%ක පොලී අනුපාතිකයක් යටතේ අදාළ ණය මුදල ලබා දෙනු ලබන්නේ ණය ගෙවීම සඳහා වසරක සහන කාලයක් ද සමගිනි.

මීට අමතරව පෞද්ගලික අංශයට සුඛෝපභෝගී බස් රථ ආනයනය සඳහා සේම ත්‍රීරෝද රථවලින් කුඩා මෝටර් රථවලට මාරුවන පිරිසකට සහන ලබා දීම සඳහා ද ණය යෝජනා ක්‍රම ක්‍රියාත්මක ය.

අනපේක්ෂිත මොහොතක වූ දේශපාලන අර්බුදය හේතුවෙන් යම් පසුබෑමකට ලක් වුව ද එන්ටප්‍රයිස් ශ්‍රී ලංකා වැඩසටහන යළි ආරම්භ කරමින් වඩාත් කාර්යයක්ෂමව ඉදිරියට රැගෙන යාම දැන් ආරම්භ වී ඇත. එන්ටප්‍රයිස් ශ්‍රී ලංකා සහන ණය යෝජනා ක්‍රමය සම්බන්ධයෙන් තොරතුරු දැන ගැනීම සහ ගැටළු විසඳීම සඳහා ක්‍රියාත්මක කර තිබූ 1925 ගාස්තු රහිත ඍජු දුරකතන අංකය පෙබරවාරි මස 01 දා සිට නැවත ක්‍රියාත්මක කරන බව ද අමාත්‍යවරයා වැඩි දුරටත් පැවැසීය.

මෙහි දී ගොවි ජනතාව වෙත සංඛේතවත්ව සහන ණය ප්‍රදානය කිරීම ද සිදු කෙරිණි.

මෙම අවස්ථාවට පී. හැරිසන්, ඉරාන් වික්‍රමරත්න, වසන්ත අළුවිහාරේ, රෝහිණී කවිරත්න යන මැති ඇමැතිවරු පිරිසක් එක්ව සිටියහ. භාණ්ඩාගාර නියෝජ්‍ය ලේකම් ඒ.ආර්.දේශප්‍රිය ඇතුළු මුදල් අමාත්‍යාංශ නියෝජිත පිරිසක් සහ ගොවි ජනතාව ගොවි ජනතාව විශාල පිරිසක් ද මෙම අවස්ථාවට එක් වූහ.

Post Views: 2
Previous Post

කුමන්ත්‍රණ එපා… විපක්ෂයේ අසුන් ගන්න අපි ලැස්තියි ! ඇමැතිනි තලතා කියයි

Next Post

ශ්‍රී ලන්කන් ගුවන් සේවය ප්‍රතිව්‍යුහගතකිරීමේ විශේෂඥ කමිටුව සිය වාර්තාව ජනපතිට භාරදෙයි

editor

editor

Next Post

ශ්‍රී ලන්කන් ගුවන් සේවය ප්‍රතිව්‍යුහගතකිරීමේ විශේෂඥ කමිටුව සිය වාර්තාව ජනපතිට භාරදෙයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

4 April 2025
රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයට හදිසියේ මොකද උනේ ?

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයට හදිසියේ මොකද උනේ ?

30 April 2025
ගනේමුල්ල සංජීව ඝාතනයේ සහායිකාව, සෙව්වන්දි ?

ගනේමුල්ල සංජීව ඝාතනයේ සහායිකාව, සෙව්වන්දි ?

20 February 2025
බන්ධනාගාරයේදී දේශබන්දු නිරුවත් කරලා..? – මානසිකවත් වැටිලාලු

බන්ධනාගාරයේදී දේශබන්දු නිරුවත් කරලා..? – මානසිකවත් වැටිලාලු

21 March 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
ගැරඬිඇල්ල බස් රථ අනතුරෙන් මිය ගිය ගණන තවත් ඉහළ යයි

බස්රථ අනතුරින් තුවාල ලැබූවන් කොළඹට ගේන්න හෙලිකොප්ටර් යානා

11 May 2025
ගැරඬිඇල්ල බස් රථ අනතුරෙන් මිය ගිය ගණන තවත් ඉහළ යයි

ගැරඬිඇල්ල බස් රථ අනතුරෙන් මිය ගිය ගණන තවත් ඉහළ යයි

11 May 2025
ප්‍රවීණ රංගන ශිල්පිණියක් අත්අඩංගුවට

ප්‍රවීණ රංගන ශිල්පිණියක් අත්අඩංගුවට

11 May 2025
මහින්දගේ ප්‍රධානත්වයෙන් දේශපාලන රැස්වීමක්

මහින්දගේ ප්‍රධානත්වයෙන් දේශපාලන රැස්වීමක්

9 May 2025

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ගැරඬිඇල්ල බස් රථ අනතුරෙන් මිය ගිය ගණන තවත් ඉහළ යයි

බස්රථ අනතුරින් තුවාල ලැබූවන් කොළඹට ගේන්න හෙලිකොප්ටර් යානා

11 May 2025
ගැරඬිඇල්ල බස් රථ අනතුරෙන් මිය ගිය ගණන තවත් ඉහළ යයි

ගැරඬිඇල්ල බස් රථ අනතුරෙන් මිය ගිය ගණන තවත් ඉහළ යයි

11 May 2025
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved