27 April 2024
#දේශීය

ශ්‍රී ලන්කන් ගුවන් සේවය ප්‍රතිව්‍යුහගතකිරීමේ විශේෂඥ කමිටුව සිය වාර්තාව ජනපතිට භාරදෙයි

ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ පවතින ගැටලූ නිරාකරණය කර ගනිමින් එහි නව ප්‍රතිව්‍යුහගත කිරීමකට අවශ්‍ය යෝජනා සහ අදහස් ලබාගෙන නිර්දේශ ඉදිරිපත් කිරීම සදහා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් පත් කළ විශේෂඥ කමිටුව සිය කමිටු වාර්තාව අද (28) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපතිවරයා වෙත පිළිගැන්වීය.

රාජ්‍ය අමාත්‍ය ඉරාන් වික්‍රමරත්න මහතාගේ සභාපතිත්වයෙන් යුත් මෙම කමිටුව ජනාධිපතිවරයා විසින් පත්කරන ලද්දේ පසුගිය ජනවාරි 07 වනදා යි.

ආයතනය ඈවර කිරීම හා නැවත ස්ථාපනය කිරීම, කළමනාකරණ ගිවිසුම, ණය ප්‍රතිව්‍යුහගත කිරීම හා ප්‍රාග්ධන උත්පාදනය යන අංශ තුන පිළිබදව මෙම කමිටු වාර්තාව මගින් නිර්දේශ යොමු කර තිඛෙන අතර, එහි තුන්වන කරුණ වන ණය ප්‍රතිව්‍යුහගත කිරීම හා ප්‍රාග්ධන උත්පාදනය යන කොටස පිළිබද අවධානය යොමු කර ඉදිරි කටයුතු කිරීම වඩා යෝග්‍ය බව මෙහිදී අදහස් දක්වමින් රාජ්‍ය අමාත්‍ය ඉරාන් වික්‍රමරත්න මහතා පෙන්වා දුන්නේ ය.

ආයතනය ප්‍රතිව්‍යුහගතකරණය යටතේ ස්වාධීන අධ්‍යක්ෂ මණ්ඩලයක් හා කළමනාකාරිත්වයක් හදුනාගැනීම, ව්‍යාපෘති ආකෘති සංශෝධනය,මානව සම්පත් ප්‍රතිව්‍යුහගත කිරීම, ස්වාධීන ප්‍රසම්පාදන ක්‍රියාවලියක් ඉදිරිපත් කිරීම, සන්නාම ප්‍රවර්ධනයේ දී සහයෝගීතාවය පිළිබද සොයා බැලීම යන කරුණු පිළිබදව අවධානය යොමු කර කටයුතු කළයුතු බවට ද කමිටුව නිර්දේශ ඉදිරිපත් කර තිබේ.

කමිටු වාර්තාව එහි සභාපති රාජ්‍ය අමාත්‍ය ඉරාන් වික්‍රමරත්න මහතා විසින් ජනාධිපතිවරයා වෙත පිළිගැන්වූ අතර, කැබිනට් නොවන අමාත්‍ය ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා ඇතුළු කමිටුවේ සෙසු සාමාජිකයෝ එම අවස්ථාවට එක්ව සිටියහ.

නියමිත කාලයට අනුව කමිටු වාර්තාව භාරදීමට පියවර ගැනීම පිළිබද මෙහිදී ජනාධිපතිවරයා එහි සියලූ සාමාජිකයන්ට තම ස්තූතිය පිරිනැමී ය.

 

Leave a comment

Your email address will not be published. Required fields are marked *