උවදුරක්ව තිබෙන මත්ද්‍රව්‍ය ජාවාරම කෙටි කාලකින් නැති කර දැමීමට කටයුතු කරන බවත් තම රජය යටතේ දූෂණයට ඉඩක් නොමැති බවත් දූෂිතයන්ට උපරිම දඬුවම් දෙන බවත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනපතිධුර අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා පවසයි.
ඒ මහතා මේ බව පැවසුවේ අද (25)‘සෞභාග්‍යයේ දැක්ම’ ප්‍රතිපත්ති ප්රකාශනය එළිදැක්වීම වෙනුවෙන් පැවැති උත්සවයේදීය. ජනතාවගේ ජීවන බර හා එදිනෙදා වියදම් අඩු කිරීමට කඩිනම් සහන පැකේජයක් අපි නොබෝ දිනකින් හඳුන්වා දෙන බව හෙතෙම පැවසිය. එය ජනතා කේන්ද්‍රීය ආර්ථිකය තුළින් සෑම පුද්ගලයෙකුටම ආර්ථික නගා සිටුවීමට අප විසින් ශක්තියක් ලබාදෙන බව ඔහු පවසා සිටියේය. එසේන ඉදිරි පරපුර කාටවත් අතනොපා ජීවත්වන ඵලදායි පුද්ගයන් බවට පත් කිරීමට අවශ්‍ය බව ද ඔහු අනාවරණ කලේය.
දැනුමින් සන්නද්ධ තරුණ පරපුරක් බිහික කළ යුතු බවත් අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සිදුකල යුතු බවත් රාජපක්ෂ මහතා කියා සිටියේය. ව්‍යාපාරිකයන්ට පහසු පරිසයක් නිර්මාණය කළ යුතුයි. කල් පැනගිය නීති රීති යාවත්කාලීන කිරීම සිදු කරන අතර රටට ගැලපෙන ලෙස ආදායම් බදු පනත වෙනස් කර ජනතාවගේ බදු බර අඩු කර නිෂ්පාදන බදු, හා ආර්ථික සේවා හා රඳවා ගැනීමේ බදු ඉවත් කරන බව ඔහු අනාවරණ කර සිටියේය. සංචාරක ව්‍යාපාරය වසරකට ඩොලර් බිලියන 10ක් උපයන සැලැස්මක් බවට පත්කරන අතරම ඉදිරි වසර පහ තුළ රැකියා අවස්ථා ලක්ෂ 10 ක් උත්පාදනය කරන බව රාජපක්ෂ මහතා අවධාරණය කර සිටියේය.
ඡායාරූප – විනෝද් මුණසිංහ