27 April 2024
#දේශීය

28 වනදා තීරණාත්මකයි …. ! මෛත්‍රි පොලොන්නරුවෙන් නගින්නේ සජිත්ට …! ගෝඨාටද..?

ජනාධිපතිවරණ මැතිවරණ වේදිකාවේ මේ වන විට උණුසුම් තත්ත්වයක් නොගන්නා අතර ඉදිරි දින කිහිපයේදී යම් දේශපාලනික වශයෙන් උණුසුම් තත්ත්වයක් ඇති වන බව වාර්තා වේ.

ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මේ දිනවල ජපානයේ සිදු කර ඇති නිල සංචාරයෙන් පසුව මෙම දේශපාලනික උණුසුම ඇති වනු ඇති බව දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි. කෙසේ වෙතත් ජනාධිපතිවරයා ලබන 27 වන දින මෙරටට පැමිණෙනු ඇති බවත් ඉන් පසු දින බොහෝ විට සජිත් පිලේ වේදිකාවේ හෝ ගෝඨාභය පිලේ වේදිකාවේ ගොඩවනු ඇති බව වාර්තා වේ.

28 වනදා දින තීරණාත්මක දිනයක් වනු ඇති බවත් පොලොන්නරුවේ ඉදි කර ඇති වේදිකාවට ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන ගොඩවනු ඇති බව දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි.

විශ්වාසකටයුතු ආරාංචි මාර්ග සඳහන් කර සිටියේ ස්වාධින වීම බොහෝ විට අත්හැර තම ආසනයේ දේශපාලන වේදිකාවට ජනාධිපතිවරවයා ගොඩවනු ඇති බවයි. එසේම යම් ආකාරයකින් දේශපාලන වේදිකාවට ගොඩ නොවන බවට කිසිදු තීරණයක් ගෙන නොමැති බවත් තවදුරටත් දේශපාලන සිදු කරනු ඇති බව මෛත්‍රිපාල සිරිසේන ජනාධිපතිවරයාගේ සමීපතයෙකු අප වෙත පැවසිය.

ඒ අනුව ඉදිරියේදී ජනාධිපති වන්නේ කවුරුන්ද ඔහු සමඟ සිටින්නේ ද නැද්ද යන්න කිසිදු අවස්ථාවක පවසා නොමැති බවත් යම් ආකාරයේ දේශපාලන පෙරළියක් සිදු කිරීමට කටයුතු කරන බව මෛත්‍රිපාලගේ සමීපතයෙකු අප වෙත පවසා සිටියේය.

කෙසේ වෙතත් ඉදිරියේදී දිනන්නේ සජිත් වුවත් ගෝඨාභය වුවත් මහමැතිවරණයෙන් අගමැති අපේක්ෂකත්වය සඳහා සටන් කිරීමට යම් සැලසුමක් ජනාධිපති මෛත්‍රිපාලගේ යටි අරමුණක් ඇති බවට අප වෙත දැනගන්නට ලැබිණි.

මේ වන විට ඒ සඳහා යම් සැලසුම්දාමයක් ක්‍රියාත්මක කර ඇති බවත් ඒ සඳහා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ බොහෝ පිරිසක් ක්‍රියා කරනු ඇති බව වාර්තා වේ.

ගෝඨාභය රාජපක්ෂ මෙන්ම සජිත් ප්‍රේමදාස ද මේ වන විට කරට කර සිටින තරඟයක් සිදු කරනු ඇති බවත් මෛත්‍රිපාල සිරිසේන ජනාධිපතිවරයාගේ ස්වාධින වීම දෙදෙනාගේම වේදිකාවට ගොඩ වීමක් ද යන්න පිළිබඳ යම් ආකාරයේ සැලසුමක් ඇති බව ද අප වෙත වාර්තා වේ.

Leave a comment

Your email address will not be published. Required fields are marked *