• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

ඡන්දයක් තියන්න සල්ලි ඇතිදැයි මැතිවරණ කොමිසම සිතා බැලිය යුතුයි – ඇමති ප්‍රසන්න

13 March 2023
in දේශීය
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter

අයවැයෙන් මැතිවරණවලට වෙන්කර තිබෙන මුදල ප්‍රමාණවත්දැයි මැතිවරණ කොමිසම සිතා බැලිය යුතු බව නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පවසයි.

අමාත්‍යවරයා මේ බව පැවසුවේ අද (13) ගම්පහ, උඩුගම්පළ පැවැති දේශපාලන සාකච්ඡාවකින් පසුව මාධ්‍යයට අදහස් දක්වමිනි.

අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ මේ මොහොතේදී මැතිවරණ පැවැත්වීමට පෙර රටේ ආර්ථිකය ශක්තිමත් කළ යුතු බවයි.

එහිදී අමාත්‍යවරයා මෙසේ කියා සිටියේය “ මැතිවරණය ද මිනිසුන්ගේ ජිවන තත්ත්වය නගා සිටුවන එකද වැදගත් වෙන්නේ කියල ජනතාව තීරණය කරන්න ඕන. මැතිවරණ කාලයේදි වගේම ජනතාව අදත් අපි සමග ඉන්නවා. මැතිවරණයකට ගියොත් අපිට ජයග්‍රහණය කරන්න පුළුවන්. නමුත් මේ මොහොතේ මැතිවරණයකට ගියොත් මිනිසුන්ව තව අපහසුතාවයට පත්වෙනවා. ජීවන බර වැඩි වෙනවා. මුලින්ම රටේ නීතිය හා සාමය ස්ථාපිත වෙන්න ඕන. පසුගිය කාලයේ නැති වුනෙත් එයයි. මිනී මැරුවා, ගෙවල් ගිනි තිබ්බා, මිනිසුන්ට හිරිහැර කරා, පොලීසියේ අයගේ බෙල්ලෙන් අල්ලලා පාරට ඇදලා දැම්මා. රටේ නීතියක්, සාමයක් තිබ්බේ නැහැ. එදා නීති කඩ කරපු මිනිස්සු අද ප්‍රජාතන්ත්‍රවාදය ගැන කතා කිරීම විහිළුවක්. සාමය හා නීතිය ස්ථාපිත වුනාට පස්සේ රටේ ආර්ථිකය ශක්තිමත් කරන්න ඕන. මිනිස්සුන්ගෙ ජීවන බර නැති කරල ජනතා ප්‍රශ්න විසදන්න ඕන. සංචාරකයින් එනකොට ආපහු පාරවල්වල උද්ඝෝෂණ කරනවා. විශ්ව විද්‍යාලවල ඉන්න දේශපාලන හෙංචයියන් පාරට බස්සලා ප්‍රශ්න ඇති කරනවා. එහෙම කරලා රටට එන සංචාරකයින් නැති කරන්න හදන එකට මිනිස්සු එකග නැහැ. විරෝධතාවලට එරෙහිව මිනිස්සු පෙළ ගැහෙන තත්ත්වයක් අද ඇතිවෙලා. දෙවැනියට තියෙන්න ඕනි ආර්ථිකය හදන එක. තෙවනුව ප්‍රජාතන්ත්‍රවාදය ස්ථාපිත කරන්න ඕනි. අද ප්‍රජාතන්ත්‍රවාදය ගැන කතා කරන්නේ ඡන්දයට ගිහින් ඡන්දේ දාපු මිනිසුන්ගේ අත කපපු අයයි. ඡන්දය නිසා මිනිස්සු මරපු අයයි. නමුත් රාජ්‍ය වට්ටන්නේ නැතුව අපේ වගකීම ඉටු කරන්න සුදානම්. රට පාලනය කරන්නේ විධායකය, ව්‍යවස්ථාදායකය හා අධිකරණය. මේ තුන එකට වැඩ කරන්න ඕනි. ව්‍යවස්ථාදායකයට යම් ගැටළුවක් තියෙනවා නම් ඒක ගැන කතා කිරීම අයිතියක්. මට තියෙන කණගාටුව යහපාලන ආණ්ඩුව කාලේ පළාත් සභා මැතිවරණය දින නියමයක් නැතුවම කල් ගියා. අද ඔය කතා කරන මිනිස්සු එදා කොහෙද හිටියේ. ඇයි ඒ අය එදා ඒක ගැන කතා කලේ නැත්තේ? මානව හිමිකම් කොමිසමේ අය ඇයි එදා කතා කරේ නැත්තේ? අද රට අර්බුදයට පත්ව ඇති වෙලාවේ විතරක් මේ ගැන කතා කරන්නේ ඇයි? වෛද්‍යවරු වැඩ වර්ජන වලට යනවා, බදු මුදල අඩු කරන්න කියලා. බදු මුදල හැමෝටම එකයි. වැඩිපුර ආදායම් තියෙන අයගෙන් යම් ප්‍රමාණයක් ගන්න යනකොට විරෝධතා පවත්වනවා. එය ඉතා කණගාටුදායක තත්ත්වයක් බව අමාත්‍යවරයා වැඩිදුරටත් කියා සිටියේය.

Post Views: 1
Previous Post

වෘත්තීය නීතිඥ දිවියේ වසර 50ක් සම්පූර්ණ කළ ජනපති “අභිනන්දන” සම්මානයෙන් පිදුම් ලබයි

Next Post

DFCC බැංකුවේ MySpace Self Banking සේවා පරිශ්‍රයක් MAS Intimates තුරුලී පරිශ්‍රයේදී විවෘත කෙරේ

editor

editor

Next Post

DFCC බැංකුවේ MySpace Self Banking සේවා පරිශ්‍රයක් MAS Intimates තුරුලී පරිශ්‍රයේදී විවෘත කෙරේ

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

4 April 2025
රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයට හදිසියේ මොකද උනේ ?

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයට හදිසියේ මොකද උනේ ?

30 April 2025
ගනේමුල්ල සංජීව ඝාතනයේ සහායිකාව, සෙව්වන්දි ?

ගනේමුල්ල සංජීව ඝාතනයේ සහායිකාව, සෙව්වන්දි ?

20 February 2025
බන්ධනාගාරයේදී දේශබන්දු නිරුවත් කරලා..? – මානසිකවත් වැටිලාලු

බන්ධනාගාරයේදී දේශබන්දු නිරුවත් කරලා..? – මානසිකවත් වැටිලාලු

21 March 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
මහින්දගේ ප්‍රධානත්වයෙන් දේශපාලන රැස්වීමක්

මහින්දගේ ප්‍රධානත්වයෙන් දේශපාලන රැස්වීමක්

9 May 2025
රට පුරා වේගයෙන් පැතිරෙන වෛරසය ගැන දැනගමු

රට පුරා වේගයෙන් පැතිරෙන වෛරසය ගැන දැනගමු

9 May 2025
ගුවන් අනතුරින් මිය ගිය ගණන සහ තවත් තොරතුරු

ගුවන් අනතුරින් මිය ගිය ගණන සහ තවත් තොරතුරු

9 May 2025
නව පාප් වහන්සේ Robert F. Prevost

නව පාප් වහන්සේ Robert F. Prevost

9 May 2025

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

මහින්දගේ ප්‍රධානත්වයෙන් දේශපාලන රැස්වීමක්

මහින්දගේ ප්‍රධානත්වයෙන් දේශපාලන රැස්වීමක්

9 May 2025
රට පුරා වේගයෙන් පැතිරෙන වෛරසය ගැන දැනගමු

රට පුරා වේගයෙන් පැතිරෙන වෛරසය ගැන දැනගමු

9 May 2025
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved