ජනතාවට අවශ්‍ය කරන ප්රජාතන්ත්රවාදය ලබාදීමට කටයුතු කිරීමට හැකිවීම මෙරට ජනතාව ලැබූ විශාල ජයග්රහනයක් බවත් සිංහල බෞද්ධ රටක් වන ශ්‍රී ලංකාවේ සියලු ජාතීන්වල සියලු ආගම් වල ජනතාවට නිදහසේ ජීවත්වීමට හැකි රටක් ගොඩනැගීම වෙනුවෙන් ඇපකැපවී ක්‍රියාකල බව ව්‍යවසාය සංවර්ධන කන්ද උඩරට උරුමය සහ මහනුවර නගර සංවර්ධන අමාත්‍ය අධිනීතීඥ ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පවසයි.
අමාත්‍යවරයා මේ බව පැවසුවේ පසුගියදා දංතුරේ ශ්‍රී බුද්ධරක්ඛිත හිමි අනුස්මරණ ශාලාවේදී පැවැති ආගමික උත්සවයක් අමතමින්. එහිදී අමාත්‍යවරයා කියා සිටියේ බුදුන් වහන්සේගේ දේශනා වලට අනූව ආමිස පූජාවට මෙන්ම ප්‍රතිපත්ති පූජාවටද මූලිකත්වය දෙමින් මේ පාලන සමය රට පාලනය කල බවත්, සැකයකින් භීතියකින් තොරව ජනතාවට ජීවත්වීමේ අවකාශයක් මෙම රජයෙන් ගොඩනැගූ බවත්ය.
පසුගිය පාලන සමයට සාපේක්ෂව යහපාලන පාලන සමය නීතියේ ස්වාධීන බව ආරක්ෂා කිරීමට කටයුතු කල අතර එකිනෙකා අතර සුහඳත්වය වර්ධනය කරමින් ජාතීන් අතර සමගිය ගොඩනැංවීමට අවශ්‍ය කටයුතු සිදු කල බවත් අමාත්‍යවරයා අවධාරණය කළේය. තවදුරටත් අදහස් දක්වමින් අමාත්‍යවරයා සඳහන් කලේ විසි වසරක් තිස්සේ රටට අහිමිවී තිබූ මාධ්‍ය නිදහස ආරක්ෂා කිරීමට කටයුතු කරමින් තොරතුරු දැනගැනීමේ පනත බලාත්මක කරමින් ජනතාවට අවශ්‍ය කරන ප්රජාතන්ත්රවාදය ලබාදීමට කටයුතු කිරීමට හැකිවීම මෙරට ජනතාව ලැබූ විශාල ජයග්රහනයක් බවයි. සිංහල බෞද්ධ රටක් වන ශ්‍රී ලංකාවේ සියලු ජාතීන්වල සියලු ආගම් වල ජනතාවට නිදහසේ ජීවත්වීමට හැකි රටක් ගොඩනැගීම වෙනුවෙන් ඇපකැපවී ක්‍රියාකල බව සඳහන් කලේය.