27 April 2024
#විදෙස්

අමෙරිකාවට ගිය මෝදී නව ආරක්ෂක ගිවිසුම්වලට අත්සන් තබයි

නිව්යෝර්ක් නුවර පැවැත්වෙන ජගත් සංවිධාන මහ මණ්ඩල සැසිවාරයට සහභාගී විම සඳහා එහි ගිය ඉන්දිය අග්‍රාමාත්‍ය මෝදි , අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට‍්‍රම්ප් හමුවි ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

එම හමුවේදී ඉස්ලාමීය ත‍්‍රස්වාදයෙන් සිය ජනතාව ආරක්ෂා කිරීම සඳහා එක්ව කටයුතු කරන බව ඉන්දියානු සහ අමෙරිකානු නායකයින් අතර සාකච්ඡා කර ඇති අතර එහිදී යම් එකඟතාවයන්ට එළැඹ ඇති බව වාර්තා වේ.

මෙම හමුව ඇමරිකාවේ හියුස්ටන් හි පැවති හවුඩිමෝඩි උත්සවයේ දී පවත්වා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

ලොව විශාලතම ප‍්‍රජාතන්ත‍්‍රවාදි රටවල් දෙක වන ඉන්දියාව සහ ඇමරිකාව ඉස්ලාමිය ත‍්‍රස්තවාදයෙන් ආරක්ෂා කිරිමට කැපවන බවයි ඔවුන් එහිදි අවධාරණය කළේ. ආරක්ෂක සබඳතාව ශක්තිමත් කිරිමේ අරමුණින් දෙරට අතර ආරක්ෂක ගිවිසුම් කිහිපයකට අත්සන් තබන බවද ඩොනල්ඩ් ට‍්‍රම්ප් මෙහිදි සඳහන් කළේය.

ඒ අගමැති නරේන්ද්‍ර මෝදිගේ නායකත්වය යටතේ ශක්තිමත් සහ සමෘද්ධිමත් ඉන්දියාවක් බිහිව ඇති බවද පෙන්වා දෙමින්. ඩොනල්ඩ් ට‍්‍රම්ප් දෙවන වරටත් ඇමරිකාවේ ජනාධිපතිවීම අනුමත කරමින් ඉන්දිය අග‍්‍රාමාත්‍යවරයා ප‍්‍රකාශයක් ද සිදුකළ බව විදෙස් මාධ්‍ය වාර්තා වැඩිදුරටත් සඳහන් කරයි.

Leave a comment

Your email address will not be published. Required fields are marked *