• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

ජනපති , අගමැති කියන්නේ ඇත්තමද…?

22 September 2019
in දේශීය
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter

විධායක ජනාධිපති ධූරය අහෝසි කිරීම පිළිබඳ පසුගියදා කැඳ වූ හදිසි විශේෂ කැබිනට් රැස්වීම තම අවශ්‍යතාවයට අනුව කැඳවූ බවට අගමැතිවරයා කර ඇති ප‍්‍රකාශය ඉතා වැරදි ප‍්‍රකාශයක් බවත් එම කැබිනට් රැස්වීම් පැවැත්වීමට කටයුතු කෙරුණේ අග‍්‍රාමාත්‍යවරයාගේ ඉල්ලීම අනුව බව ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා පවසයි.

ජනාධිපතිවරයා මේ බව පැවසුවේ ඊයේ (21)පස්වරුවේ නාවුල දී පැවති ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මාතලේ දිස්ත්‍රික් සමුළුව අමතමිනි.

විධායක ජනාධිපති ධූරය අහෝසි කළ යුතුය යන්න එදා මෙන්ම අද ද තම දේශපාලන ප‍්‍රතිපත්තිය බව ප‍්‍රකාශ කළ ජනාධිපතිවරයා එය අතපසු කළේ තමා නොව, පාර්ලිමේන්තුව බවත්, එහෙත් මැතිවරණයක් නිවේදනය කර ඇති මේ මොහොතේ ඊට උත්සාහ දැරීම විහිළුවට කරුණක් බවත් කියා සිටියේය.

නමුත් මේ සම්බන්ධයෙන් අග්‍රාමාත්‍යවරයා එකසත් ජාතික පක්ෂ ක්‍රියාකාරීන් අද (22දා) කොළඹ අරලිය ගහ මන්දිරියේදී විශේෂ ප්‍රකාශයක් සිදු කරමින් කියා සිටියේ විශේෂ කැබිනට් රැස්වීම පැවැති දින පෙරවරුවේ ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා තමාට දුරකතනයෙන් ඇමතූ බවත් එදින අමාත්‍ය රවී කරුණනායක මහතා තමාට කථා නොකල බවයි.

එහිදි අග්‍රාමාත්‍යවරයා කියා සිටියේ “පසුගිය සතියේ සිවිල් සංවිධාන නියෝජිත පිරිසක් මා හමුවී අපේ ආණ්ඩුව කළ කටයුතු හා කිරීමට අතපසු වූ කටයුතු ගැන අදහස් දැක්වූවා. අපේ පක්‍ෂය 2014 වසරේ විධායක ජනාධිපති ධූරය අහෝසි කරන බවට යෝජනාවක් සම්මත කර ගත් බවත්, විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීම වෙනුවෙන් අපි තව දුරටත් පෙනී සිටින බවත් මම ඔවුන්ට දැන්වූවා.

එවිට ඔවුන් ඉල්ලා සිටියේ 20 වන සංශෝධනය සඳහා සහය දීමේ කැබිනට් තීරණයකට එළැඹෙන ලෙසයි. ඒ අනුව කැබිනට් මණ්ඩලය වෙත යොමු කිරීම සඳහා සැකසූ කෙටුම් පතක් ඔවුන් 16 වෙනිදා මට ලබා දුන්නා.

අනෙකුත් දේශපාලන පක්‍ෂවල සහය ලැබීමෙන් තොරව 20 වන සංශෝධනය පාර්ලිමේන්තුවේ සම්මත කර ගැනීමට නොහැකි බව මම සිවිල් සංවිධාන නියෝජිතයන්ට පෙන්වා දුන්නා. ඒ නිසා අනෙකුත් දේශපාලන පක්‍ෂවල අදහස මා වෙත දැනුම් දෙන ලෙස මම ඔවුන්ගෙන් ඉල්ලා සිටියා.

17 වන දා පාර්ලිමේන්තුවේදී සුමන්තිරන් මන්ත්‍රීතුමා මට පැවසුවේ විධායක ක්‍රමය අහෝසි කිරීම පිළිබඳව ඔවුන් ජනතා විමුක්ති පෙරමුණ සමග සාකච්ඡා පැවැත්වූ බවයි. ඒ වගේම ජනාධිපතිතුමාටත් 20 වන සංශෝධනය ගෙන ඒමට අවශ්‍ය බව ජනාධිපතිතුමා තමාට දැනුම් දුන් බව මන්ත්‍රීතුමා වැඩිදුරටත් දැන්වුවා. එතැනදී මම සුමන්තිරන් මන්ත්‍රීතුමාට පෙන්වා දුන්නේ මේ යෝජනාව පාර්ලිමේන්තුවේ සම්මත කර ගැනීමට නම් පොදුජන පෙරමුණේ සහයෝගයද අවශ්‍ය බවයි.

සුමන්තිරන් මන්ත්‍රීතුමා මේ පිළිබඳ ප්‍රසිද්ධ ප්‍රකාශයක් කර තිබෙනවා. ඒ ප්‍රකාශය කිසිවෙකු ප්‍රතික්ෂේප කර නැහැ.

19 වෙනිදා උදේ අටයි දාසයට ජනාධිපතිතුමා මට දුරකථන ඇමතුමක් දුන්නා. 20 වන සංශෝධනය පිළිබඳ සාකච්ඡා කිරීමට කැබිනට් රැස්වීමක් කැඳවන්නද කියා එතුමා මගෙන් විමසුවා. සිවිල් සමාජය මේ පිළිබඳ ඉල්ලීමක් කළ බව මම ජනාධිපතිතුමාට දැනුම් දුන්නා. ඒ වගේම මේ සම්බන්ධයෙන් ජනාධිපතිතුමාගේ ස්ථාවරය සුමන්තිරන් මන්ත්‍රී තුමා මට දැනුම් දී තිබුණා. ඒ නිසා කැබිනට් මන්ඩලය කැඳවා සාකච්ඡා කිරීම සුදුසු බව මම ජනාධිපතිතුමාට කිව්වා. බ්‍රහස්පතින්දා හෝ සිකුරාදා ඒ රැස්වීම කැඳවීම පහසු බවත් මම පැවසුවා.

එදින රවි කරුණානායක මහතා මට දුරකථන ඇමතුමක් දුන්නේ නැහැ.

උදේ නවය පමණ වෙද්දී කැබිනට් ලේකම්වරයා මගේ ලේකම්වරයාට එදින සවස තුනට කැබිනට් රැස්වීම පැවැත්වෙන බව දන්වා තිබුණා. ඉන් පසු මගේ ලේකම්වරයා සිවිල් සමාජය විසින් ඉදිරිපත් කරන ලද කෙටුම් පත අවශ්‍ය වුවහොත් ප්‍රයෝජනයට ගැනීම සඳහා කැබිනට් ලේකම්වරයා වෙත යොමු කළා.

සවස 02 ට ඇමතිවරුන් කැඳවා මම මේ ගැන දැනුම් දුන්නා. ඒ සාකච්ඡාව ඉතා උණුසුම් වුණා. සියළු දෙනා විවෘතව අදහස් පළ කළා. එහිදී 20 වන සංශෝධනය සඳහා එකඟත්වයක් ලැබුණේ නෑ.

මම කැබිනට් මණ්ඩල රැස්වීමට පෙර ජනාධිපතිතුමාට ඇමතිවරුන් අතර එකඟත්වයක් නැති බව දැනුම්දුන්නා. රැස්වීම ආරම්භයේදී මම ජනාධිපතිතුමා ඉදිරිපිටදීම කැබිනට් ලේකම්වරයාට දැනුම් දුන්නේ, ඇමතිවරුන් අතර එකඟත්වයක් නැති නිසා කැබිනට් කෙටුම් පත ඉදිරිපත් කිරීමෙන් පලක් නොවන බවයි. ඇමතිවරුන් දැක්වූ අදහස් මම ඒ රැස්වීමේදී සම්පිණ්ඩනය කළා. ඇමැතිවරු විවිධ අදහස් පළ කළා. අවසන් තීරණය ගැනීම එක් එක් පක්‍ෂවලට භාර කිරීම සුදුසු බව අප නිගමනය කළා.

කැබිනට් මණ්ඩලයේ සාමාජිකයන්ගේ ප්‍රකාශ පිළිබඳව ප්‍රශ්නයක් තියෙනවා නම් එය සාකච්ඡා කළ යුත්තේ කැබිනට් මණ්ඩලය තුළදීයි. එසේ නොකිරීම කැබිනට් සම්ප්‍රදාය කඩකිරීමක්. ඒ නිසා මම මෙතැනදී පෙන්වාදෙන්නේ සිදු වුණු කරුණු පමණයි. ඒ නිසා කිසිවෙකුට අවලාද නගන්නට හෝ ෙදාස් කියන්නට හෝ මම කටයුතු කරන්නේ නැහැ“ යැයි අග්‍රාමාත්‍යවරයා කියා සිටියේය. 

 

Post Views: 2
Previous Post

ලෝක ශූරතා බර ඉසිලීමේ තරගාවලියේදී නව ශ්‍රී ලංකා වාර්තා 3ක්

Next Post

ජනතාවට අවශ්‍ය කරන ප්‍රජාතන්ත්‍රවාදය වත්මන් රජය ලබා දුන් බව ඇමැති කිරිඇල්ල කියයි

editor

editor

Next Post

ජනතාවට අවශ්‍ය කරන ප්‍රජාතන්ත්‍රවාදය වත්මන් රජය ලබා දුන් බව ඇමැති කිරිඇල්ල කියයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

4 April 2025
අනතුරු අඟවමින් විශේෂ නිවේදනයක් !

අනතුරු අඟවමින් විශේෂ නිවේදනයක් !

4 June 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
ඉන්දියාවේ හෙලිකොප්ටරයකුත් කඩා වැටිලා !

ඉන්දියාවේ හෙලිකොප්ටරයකුත් කඩා වැටිලා !

15 June 2025
අදත් වෙඩි තබා ගැනීමක්

අදත් වෙඩි තබා ගැනීමක්

15 June 2025
අත්‍යවශ්‍යම ඖෂධ වර්ග රැසක් නැහැ – (GMOA)

අත්‍යවශ්‍යම ඖෂධ වර්ග රැසක් නැහැ – (GMOA)

14 June 2025
උතුරේ පොලිස් ස්ථානවලට ගහනවා – නිර්ණාමික ඇමතුම නිසා පොලීසිය සීරුවෙන්

උතුරේ පොලිස් ස්ථානවලට ගහනවා – නිර්ණාමික ඇමතුම නිසා පොලීසිය සීරුවෙන්

14 June 2025

Recent News

ඉන්දියාවේ හෙලිකොප්ටරයකුත් කඩා වැටිලා !

ඉන්දියාවේ හෙලිකොප්ටරයකුත් කඩා වැටිලා !

15 June 2025
අදත් වෙඩි තබා ගැනීමක්

අදත් වෙඩි තබා ගැනීමක්

15 June 2025
අත්‍යවශ්‍යම ඖෂධ වර්ග රැසක් නැහැ – (GMOA)

අත්‍යවශ්‍යම ඖෂධ වර්ග රැසක් නැහැ – (GMOA)

14 June 2025
උතුරේ පොලිස් ස්ථානවලට ගහනවා – නිර්ණාමික ඇමතුම නිසා පොලීසිය සීරුවෙන්

උතුරේ පොලිස් ස්ථානවලට ගහනවා – නිර්ණාමික ඇමතුම නිසා පොලීසිය සීරුවෙන්

14 June 2025
ttvnews.lk

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ඉන්දියාවේ හෙලිකොප්ටරයකුත් කඩා වැටිලා !

ඉන්දියාවේ හෙලිකොප්ටරයකුත් කඩා වැටිලා !

15 June 2025
අදත් වෙඩි තබා ගැනීමක්

අදත් වෙඩි තබා ගැනීමක්

15 June 2025
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved