27 July 2024
#ක්‍රීඩා

ලෝක ශූරතා බර ඉසිලීමේ තරගාවලියේදී නව ශ්‍රී ලංකා වාර්තා 3ක්

තායිලන්තයේ පටායාවල පැවැත්වෙන ලෝක ශූරතා ඉර බර ඉසිලීමේ තරගාවලියේ දී ශ්‍රී ලංකාව නියෝජනය කරන ඉන්දික දිසානායක නව ශ්‍රී ලංකා වාර්තා 3ක් පිහිටුවා ඇත. ඒ, කිලෝග්‍රෑම් 73 බර පන්තියෙන් තරඟ කරන ඔහු ස්නැච් ක්‍රමයට කිලෝග්‍රෑම් 134ක් බර ඉසිලූ අතර, ක්ලීන් ඇන්ඩ් ජර්ක් ක්‍රමයට ඉසිලූ බර ප්‍රමාණය කිලෝග්‍රෑම් 164ක්. ඒ අනුව ඔහු ඉසිලූ මුළු බර ප්‍රමාණය කිලෝග්‍රෑම් 298ක් වනවා.

එම බර ප්‍රමාණ 3ම නව ශ්‍රී ලංකා වාර්තා වීම විශේෂත්වයක්.

මෙම තරගාවලියට කිලෝග්‍රෑම් 81 බර පන්තියෙන් ඉදිරිපත් වී සිටින චින්තන ගීතාල් විදානගේ කිලෝග්‍රෑම් 298ක් සහ කිලෝග්‍රෑම් 73 බර පන්තියෙන් ඉදිරිපත් වූ සුදේෂ් පීරිස් බර කිලෝග්‍රෑම් 290ක් උසුලා තිබෙනවා.

Leave a comment

Your email address will not be published. Required fields are marked *