ජනාධිපති අනුර කුමාර දිසානායකගේ නායකත්වය යටතේ ශ්‍රී ලංකාවට ස්ථාවර, සෞභාග්‍ය සහ සුරක්ෂිත අනාගතයක් උදාකර කරගැනීමට හැකිවනු ඇතැයි තමා විශ්වාස කරන බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කළමනාකාර අධ්‍යක්ෂිකා ක්‍රිස්ටලිනා ජෝර්ජිවා පවසයි.
ඇය විසින් ජනාධිපතිවරයාට ලිපියක් මගින් මේ බව සඳහන් කරනු ලැබ ඇත.
දැනට ක්‍රියාත්මක වන ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහය දක්වන වැඩසටහන ඇතුළු ශ්‍රී ලංකාවේ සංවර්ධන සහ ප්‍රතිසංස්කරණ ඉලක්ක සාක්ෂාත් කර ගැනීමට සහයවීමට සූදානම් බව ත් ඒ සඳහා ස්ථිර හවුල්කරුවෙකු ලෙස රැඳී සිටින බව ත් එම ලිපියේ සඳහන් කර තිබේ.
එම ලිපියේ වැඩිදුරට ත් සඳහන් කර ඇත්තේ, ශ්‍රී ලංකාව දරුණු ආර්ථික අර්බුදයට මුහුණදී නැවත එය යථා තත්ත්වයට පත් කිරීමේ ‘අපහසු ජයග්‍රහණය’ තවදුරට ත් ස්ථාවර කිරීම සඳහා සහයෝගීතාව අනුර කුමාර ඇතුළු කණ්ඩායමට ලබා දෙන බව ය.