• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home Uncategorised

ජනපති උපදෙසින් ආබාධිත ජනතාව වෙනුවෙන් නව පනතක් – ඇමැති අනුප පස්කුවල්

8 November 2023
in Uncategorised
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ උපදෙස් මත ආබාධිත ජනතාව වෙනුවෙන් නව පනතක් ගෙන ඒමට කටයුතු කරන බව සමාජ සවිබලගැන්වීමේ අමාත්‍ය අනුප පස්කුවල් මහතා පවසයි.

ආබාධිත පුරවැසියන් තවදුරටත් යැපුම් මානසිකත්වයෙන් පෙළිය යුතු පිරිසක් නොවිය යුතුය යන්න රජයේ ප්‍රතිපත්තිය බවත් ඔවුන් තවදුරටත් දෙවැනි පුරවැසියෙක් ලෙස සැලකිය යුතු නැති බවත් අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.

අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ ‘ස්ථාවර රටකට සැවොම එක මඟකට’ මැයෙන් අද (08) ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමිනි.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ සමාජ සවිබලගැන්වීමේ අමාත්‍ය අනුප පස්කුවල් මහතා ‍” ඉදිරි වසර වෙනුවෙන් සමාජය සවිබලගැන්වීම සඳහා සුවිශේෂී කාර්යයක් අප වෙත පැවරී තිබෙනවා. අස්වැසුම ප්‍රතිලාභීන් අතරින් ලක්ෂ 10ක් සවිබලගැන්වීමේ ක්‍රියාවලිය අප අමාත්‍යාංශය වෙත පැවරී ඇති සුවිශේෂි කාර්යයක් වනවා. ලක්ෂ 16ක් වන ආබාධිත ප්‍රජාව මේ වන තෙක් නිසි ආකාරයෙන් සවිබල ගැන්වීම සිදුව නැති බව සඳහන් කලයුතුයි. ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ පූර්ණ මගපෙන්වීම යටතේ එම කර්තව්‍ය ද ලබන වසරේ අවසන් කිරීමට අප කටයුතු කරනවා. දෙසැම්බර් මස පළමු වනදාට යෙදෙන ජාත්‍යන්තර ආබාධිත දිනය වෙනුවෙන් සමාරම්භක උත්සවයක් ලෙස ආබාධිත ජනතාවත් සෙසු ප්‍රජාව මෙන් සංවර්ධනයට දායක කරගැනීම සඳහා කටයුතු යොදා තිබෙනවා. එහිදී දිවයින පුරා සිටින ආබාධිත ජනතාව සංචාරක ව්‍යාපාරයට එකතු කරගැනීම වෙනුවෙන් “Empo 2023” තේමාව යටතේ කොළඹ සිට මහනුවර දක්වා දුම්රියෙන් ගමන් කරනවා. එහිදී දළදා මන්දිරය වන්දනා කිරීමෙන් පසු, පේරාදෙණිය උද්භිද උද්‍යානයේ දී විශේෂ උත්සවයක් පැවැත්වීමට කටයුතු යොදා තිබෙනවා. චීනය, ජපානය ඇතුළු ලොව පුරා සිටින ආබාධිත ප්‍රජාව ද මෙම අවස්ථාව සඳහා එක්වීමට නියමිතයි. ඒ වගේම ජනාධිපතිවරයාගේ උපදෙස් මත අබාධිත ජනතාව වෙනුවෙන් නව පනතක් ගෙන ඒමට කටයුතු කරනවා. 2004 වර්ෂයේ සිට මේ සම්බන්ධයෙන් විවිධ සාකච්ඡා පැවතුණ ද එය නිසි අයුරන් සකස් කරගැනීමට හැකි වූණේ නැහැ. එම පනත සකස් කර අවසන් කොට ලබන වසරේ මුල් කාර්තුව තුළ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට කටයුතු කරනවා. ජාත්‍යන්තර ආබාධිත දිනයේදී (දෙසැම්බර් 01) අධිකරණ අමාත්‍ය විජේදාස රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් විශේෂ සමුළුවක් පැවැත්වීමට ද කටයුතු යොදා තිබෙනවා. එමෙන්ම ආබාධිත ප්‍රජාව යනු තවදුරටත් යැපුම් මානසිකත්වයෙන් පෙළිය යුතු පිරිසක් නොවෙන බව අප රජයේ ප්‍රතිපත්තියයි. ඒ සඳහා ඔවුන් සංවර්ධනය වෙනුවෙන් මෙන්ම අධ්‍යාපනය වෙනුවෙන් දායක කරගැනීමට අප ක්‍රියා කරනවා. ආබාධිත ප්‍රජාව තවදුරටත් දෙවැනි පුරවැසියෙක් ලෙස සැලකිය යුතු නැහැ. ඔවුන්ට අප හා සමාන අයිතිවාසිකම්, තාක්ෂණික පහසුකම් සහ (Accessibility) ප්‍රවේශයත් ලබාදිය යුතුයි. ජනවාරි මාස ආරම්භයේදී අප අමාත්‍යංශයේ සවිබලගැන්වීමේ ප්‍රධානතම ඉලක්කය වන්නේ නිෂ්පාදනයයි. අපගේ ප්‍රජාව දළ ජාතික නිෂ්පාදනයට දායක කරගත යුත්තේ කෙසේ ද යන්න පිළිබඳව මෙහිදී අවධානය යොමු කෙරෙනවා. ඒ අනුව ක්ෂුද්‍ර මට්ටමේ ලක්ෂ 10ක නිෂ්පාදන ජාලයක් නිර්මාණය කිරීම අපගේ අරමුණ වනවා. ඒ වගේම සවිබල ගැන්වීමේ ක්‍රියාවලිය, විශ්‍රාම වැටුප් ක්‍රමය අනිවාර්යය කරන ලෙස සහ (disability studies) අබාධිත අධ්‍යයනය පාඨමාලාව විශ්ව විද්‍යාල විෂය නිර්දේශයට ඉදිරිපත් කරන ලෙසත් අප මෙවර අයවැය සඳහා ඉදිරිපත් කර තිබෙනවා යැයි අමාත්‍ය අනුප පස්කුවල් මහතා වැඩිදුරටත් කියා සිටියේය.

Post Views: 2
Previous Post

පොහොට්ටුව ආණ්ඩුවෙන් ඉවත් වීමේ තීරණයක අබියස !

Next Post

තල් ආශ්‍රිත නිෂ්පාදන අපනයනයෙන් මෙම වර්ෂයේ රුපියල් මිලියන 78ක ආදායමක්

editor

editor

Next Post

තල් ආශ්‍රිත නිෂ්පාදන අපනයනයෙන් මෙම වර්ෂයේ රුපියල් මිලියන 78ක ආදායමක්

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

4 April 2025
අනතුරු අඟවමින් විශේෂ නිවේදනයක් !

අනතුරු අඟවමින් විශේෂ නිවේදනයක් !

4 June 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
ඉරානයට ගුවන් ප්‍රහාර මාලාවක්

ඉරානයට ගුවන් ප්‍රහාර මාලාවක්

13 June 2025
ඉන්දියා ගුවන් අනතුරින් එක් අයෙකු දිවි ගලවා ගත්තේ කෙසේද ?

ඉන්දියා ගුවන් අනතුරින් එක් අයෙකු දිවි ගලවා ගත්තේ කෙසේද ?

13 June 2025
අදත් තද වැසි

අදත් මහ වැස්ස

13 June 2025
විනාශකාරී ගුවන් අනතුරින් මෙතෙක් වාර්තා වූ ජීවිත හානි

විනාශකාරී ගුවන් අනතුරින් මෙතෙක් වාර්තා වූ ජීවිත හානි

12 June 2025

Recent News

ඉරානයට ගුවන් ප්‍රහාර මාලාවක්

ඉරානයට ගුවන් ප්‍රහාර මාලාවක්

13 June 2025
ඉන්දියා ගුවන් අනතුරින් එක් අයෙකු දිවි ගලවා ගත්තේ කෙසේද ?

ඉන්දියා ගුවන් අනතුරින් එක් අයෙකු දිවි ගලවා ගත්තේ කෙසේද ?

13 June 2025
අදත් තද වැසි

අදත් මහ වැස්ස

13 June 2025
විනාශකාරී ගුවන් අනතුරින් මෙතෙක් වාර්තා වූ ජීවිත හානි

විනාශකාරී ගුවන් අනතුරින් මෙතෙක් වාර්තා වූ ජීවිත හානි

12 June 2025
ttvnews.lk

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ඉරානයට ගුවන් ප්‍රහාර මාලාවක්

ඉරානයට ගුවන් ප්‍රහාර මාලාවක්

13 June 2025
ඉන්දියා ගුවන් අනතුරින් එක් අයෙකු දිවි ගලවා ගත්තේ කෙසේද ?

ඉන්දියා ගුවන් අනතුරින් එක් අයෙකු දිවි ගලවා ගත්තේ කෙසේද ?

13 June 2025
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved