27 April 2024
#දේශීය

පොහොට්ටුව ආණ්ඩුවෙන් ඉවත් වීමේ තීරණයක අබියස !

හිටපු ජනාධිපති ගෝඨාබය රාජපක්ෂගේ ඉවත්වීමත් සමග පත් වු අනුප්‍රාප්තික ජනාධිපති රනිල් වික්‍රමසිංහ සමඟ පොදු ජන පෙරමුණේ ආණ්ඩුව මේ වන විට දැඩි තීරණයක් ගැනීමට ඇති බව වාර්තා වේ.

ඒ පවතින දේශපාලන තත්ත්වය ඉතා සුබදායක නොවනු ඇති බව පොදු ජන පෙරමුණේ අභ්‍යන්තර ආරාංචි මාර්ග කියා සිටියේය.

කෙසේ වෙතත් දේශපාලනිකව ජනාධිපති රනිල් විසින් ඔහුගේ කඳවුරේ අය වෙනුවෙන් කටයුතු කිරීම මෙන්ම ඇතැම් තීන්දු තීරණ ගැනීමේදී පොදු ජන පෙරමුණ ආණ්ඩුව සමග සාකච්ඡා නොකිරීම බොහෝ මතගැටුම්වලට හේතු වි ඇති බව වාර්තා වේ.

මෙය උද්ගත තත්ත්වයට පත්ව සිටියේ පසුගියදා ඇමැති ධුර ලබා දීමේදීය. ඒමෙන්ම මේ වන විට ක්‍රිකට් සම්බන්ධනයෙන් ජනාධිපතිවරයා ගන්නා හිතුවක්කාර තීරණ හේතුවෙන් ආණ්ඩුව සම්බන්දයෙන් ජනතාවගේ අප්‍රසාදය මතුව තිබේ.

කෙසේ වෙතත් රනිල් වික්‍රමසිංහ මේ වන විට ගමන් කරන්නේ කිසිදු සහයෝගයක් නොමැති ඔහුගේ කල්ලියේ පිරිස සමඟ පමණක් නිසාවෙන් මේ වන විට ආණ්ඩුවේ පොදුජන පෙරමුණේ පිරිස දැඩි කලකිරීමෙන් සිටින බවත් යම් තීරණයක් ගත යුතු බවට බැසිල් රාජපක්ෂ වෙත දැනුවත් කර ඇති බව වාර්තා වේ.

මේ වන විටත් බැසිල් රාජපක්ෂට පවා පවතින තත්ත්වය පාලනය කිරීමටනම් ආණ්ඩුවෙන් තම කණ්ඩායම ඉවත් කර ගත යුතු අතර ඒ් පිලිබඳ අවසන් තීරණයක් ඉදිරියේදී ගනු ඇති බව එම පක්ෂයේ අභ්‍යන්තර තොරතුරු වාර්තා සඳහන් කරයි.

Leave a comment

Your email address will not be published. Required fields are marked *