• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

ජනපති ඒකාධිපති වියරුවෙන් ඉන්න මානසික රෝගීයෙක් – මංගල කියයි

13 November 2018
in දේශීය
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter

පසුගිය ඔක්තෝබර් 26 වෙනිදා තමන් විසින් දියත් කළ ව්‍යවස්ථා විරෝධී කුමන්ත්‍රණයෙන් පසුව ජනාධිපතිවරයා තුන්වන වතාවටත් මේ රටේ ජනතාව අමතමින් තමන් තවදුරටත් සත්‍යයට ගරු නොකරන, බලය වෙනුවෙන් ඕනෑම බොරුවක් පවා කියන්නට පුළුවන් ඒකාධිපති වියරුවෙන් පෙළෙන මානසික රෝගියකුගේ තත්ත්වයට ඇද වැටී ඇති බව මංගල සමරවීර මහතා පවසයි.

ඒ මහතා මාධ්‍ය වෙත නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේ ජනාධිපතිවරයා විසින් සිදුකරන ලද එම ව්‍යවස්ථා විරෝධී කුමන්ත්‍රණකාරී ක්‍රියාවලිය මේ රටේ යුක්තිය සාධාරණත්වය ගරු කරන සමස්ත පුරවැසියාම පක්ෂ පාට භේදයකින් තොරව පිළිකුල් සහගතව ප්‍රතික්ෂේප කොට ඇති බවයි.

එසේම ජාත්‍යන්තර ප්‍රජාව පවා ජනාධිපතිවරයා විසින් පත්කරන ලද හොර ඇගමැති ප්‍රමුඛ ඇමති මණ්ඩලය ද පිළිගැනීමට මෙතෙක් ඉදිරිපත් වී නැත. එවැනි පසුබිමක සිරිසේන ජනාධිපතිවරයා පෙරේදා (11) සිදුකළ කතාවෙන් මේ තත්ත්වය තව තවත් උග්‍ර වනවා නියතය.

එම නිවේදනයේ වැඩිදුරටත් මෙසේ අදහස් පල කර තිබේ “ නීති විරෝධීව කල්දමන ලද පාර්ලිමේන්තුව, ව්‍යවස්ථා විරෝධීව විසුරුවා හැරීමට බලපෑ හේතුකාරණා පැහැදිලි කරමින් ජනාධිපතිවරයා පෙන්වා දෙන්නේ පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරු මුදලට මිලදී ගැනීමට ඇතමුන් කටයුතු කළ බවය. මෙහිදී පවසන ආකාරයට සමහර මැති ඇමතිවරුන්ට රුපියල් මිලියන 100, 150 පමණක් නොව මිලියන 500ක් වුවද ලබාදීමට කතාකර ඇති බවය. එය එසේ සිදුකරන ලද්දේ අපගේ කිසිවකු නොව මේ ප්‍රකාශය සිදුකරන ජනාධිපතිවරයාගේම හිතවත් නියෝජිතයන් ය.

අපගේ මැති ඇමතිවරු තමන් ළඟට ගෙන්වා ගෙන ජනාධිපතිවරයා විසින්ම ඇමතිකම් ලබාදීමට පොරොන්දු වූ ආකාරයත්, ජනාධිපතිවරයාගේ හිතවත් නියෝජිතයන් ලවා ඔවුන්ට දුරකථනයෙන් අමතා සිතාගත නොහැකි තරමේ මුදල් ලබාදීමට පොරොන්දු වූ කතාබහත් මේ වනවිට ප්‍රසිද්ධ රහසක් බවට පත්ව ඇත. ඒ අනුව මැති ඇමතිවරු මිලදී ගැනීමේ මිනිස් ජාවාරමට නායකත්වය දී ඇත්තේ අන් කිසිවකු නොව තමන්ගේ වැරදි වසා ගැනීමට බොරු කියන ජනාධිපතිවරයාම බව පැහැදිලිය. ඒ සම්බන්ධයෙන් වූ සාක්ෂි අප සතුව ඇත. ඒ සියල්ල දැනට උද්ගතව ඇති ව්‍යවස්ථාදායක අර්බුදය විසඳුණු වහාම අල්ලස් හා දූෂණ කොමිසමට භාරදීමට අප සුදානම් ය.

තවද කෙසේ හෝ පාර්ලිමේන්තුව යළි කැඳවූයේ නම් ඒ තුළ මිනීමරා ගනී යැයි බියක් තිබූ නිසා පාර්ලිමේන්තු කැඳවීම අත්හිටු වූ බව ද ජනාධිපතිවරයා ප්‍රකාශ කර සිටී. අපේ පැත්තේ මිනීමරුවන් කිසිවකු නොමැති බවත් ජනාධිපතිවරයාගේ අලුත් පාර්ශ්වයේ නම් ඕනෑතරම් මිනීමරුවන් සිටින බවත් මේ රටේ කුඩාදරුවකු පවා හොඳින්ම දන්නා කරුණකි. එය එසේ හෙයින් පාර්ලිමේන්තුවේ මිනීමරාගනී යැයි බිය විය යුත්තේ ජනාධිපතිවරයා නොව අප ය.

කෙසේ වෙතත් ජනාධිපතිවරයා පාර්ලිමේන්තුව කැඳවීම පසෙකලා පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට කටයුතු කළේ, ඔවුනට කෝටි ගණන් මුදල් විසිකරලත්, ඇමතිකම් වෙන්දේසි කරලත් අපගේ මන්ත්‍රීවරු, ඇමතිවරු ලබාගැනීමට නොහැකි වූ බැවිනි. මේ තුළින් එක්සත් ජාතික පෙරමුණේ සාතිශය බහුතරය යනු රුපියල් සතවලට සිය පක්ෂය පාවානොදෙන ප්‍රතිපත්තිගරුක මිනිසුන් පිරි පක්ෂයක් බව යළි වතාවක් ලෝකයා ඉදිරියේ ඔප්පු කර සිටියේය.

එමෙන්ම 2015 ජනවාරි 09 වෙනිදා රනිල් වික්‍රමසිංහ මහතා අගමැතිවරයා වශයෙන් පත් කරන විට එක්සත් ජාතික පක්ෂයට සිටියේ මන්ත්‍රීවරු 41ක් පමණක් බවත් ඒ අවස්ථාවේ බහුතරය පිළිබඳව කිසිවෙක් කතා නොකළ බවත් ජනාධිපතිවරයා කියා සිටී. 2015 දී එක්සත් ජාතික පක්ෂයට මන්ත්‍රීවරු 41ක් සිටිය ද එදා පටන් සෑම අවස්ථාවකදීම රජයට සහයෝගය දැක්වූ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මන්ත්‍රීවරු රනිල් වික්‍රමසිංහ මහතාටත්, එතුමාගේ රජයටත්, එතුමාගේ ප්‍රතිපත්තිවලටත් සෑම අවස්ථාවකදීම පෙනී සිටි බව සිහිපත් කළ යුතුය. එමනිසා බහුතරය පිළිබඳ කිසිදු ගැටලුවක් මතු වූයේ නැත.

එපමණක් නොව ජනාධිපතිවරණයෙන් පසු 2015 ජනවාරි 20 දා පාර්ලිමේන්තුව යළි වතාවක් රැස් විය. ඉන් අනතුරුව අපගේ ආණ්ඩුවේ පළමු අයවැය පෙබරවාරි 07 වෙනිදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලදී. එහිදී අපගේ පළමු පුංචි අයවැයට පක්ෂව ඡන්ද 104තුක් විරුද්ධව 01 ඡන්දයකුත් ලැබුණු අතර වැඩි ඡන්ද 103කින් සම්මත කරගන්නා ලදී.

එසේම 2015 අප්‍රේල් 28 වෙනිදා මේ රටේ ජනාධිපතිවරයා සතු බලතල සීමා කිරීම සඳහා ඉදිරිපත් කළ 19වන සංශෝධනයේ දී ද ඊට පක්ෂව ඡන්ද 215ක් ද විපක්ෂව එක් ඡන්දයක් ද ඡන්දය දීමෙන් වැළකී සිටි එක් මන්ත්‍රීවරයෙක් සමඟ නොපැමිණි 07ක් ද වශයෙන් 5/6 බහුතරයකගේ කැමැත්තෙන් එය සම්මත කරගන්නා ලදී. මේ ගෙවුණු කාලය තුළ අප පාර්ලිමේන්තුව තුළ බහුතරයේ හීනතාවයකින් හෝ ඌනතාවයකින් පෙළුණේ නැත. එසේම ඒ වෙනුවෙන් පාර්ලිමේන්තු කල් තැබීමක් හෝ සිදු කළේ නැත. 2015 සිට මේ දක්වා පාර්ලිමේන්තුවේ පැවැති සෑම ඡන්දයකටම අප ජයග්‍රාහීව මුහුණ දී ජය තහවුරු කර ඇත.

එය එසේ සිදුවෙමින් තිබිය දී සිරිසේන ජනාධිපතිවරයා විසින් මේ වසරේ අප්‍රේල් මාසයේ දී අගමැතිවරයාට විරුද්ධව කූඨ ලෙස දියත් කළ විශ්වාසභංගය ද ඔවුන් නොසිතූ ලෙස ජයග්‍රහණය ලබාගැනීමට රනිල් වික්‍රමසිංහ අගමැතිවරයා සමත් විය. ඒ විශ්වාසභංග යෝජනාවට පක්ෂව ඡන්ද 76ක් ද විරුද්ධව ඡන්ද 122ක් ද නොපැමිණි මන්ත්‍රීවරු 26ක් ද සමඟ වැඩි ඡන්ද 46කින් පරාජයට පත්කර දැමීමෙනි.

මේ ආකාරයට පාර්ලිමේන්තුවේ දී කිසිදිනක රනිල් වික්‍රමසිංහ අගමැතිවරයාට බහුතරය සම්බන්ධයෙන් කිසිම අවධානමක් තිබුණේ නැත. ඒ අනුව රනිල් වික්‍රමසිංහ අගමැතිවරයාගේ ශිෂ්ටත්වය, සංස්කෘතිය හා පවුල් පසුබිම කෙරෙහි ක්‍රෝධයෙන් හා ද්වේශයෙන් පිරීගිය සිරිසේන ජනාධිපතිවරයා විසින් නීත්‍යනුකූල අගමැතිවරයා ඉවත් කිරීමත්, පාර්ලිමේන්තුව කල් දැමීමත්, විසුරුවා හැරීමත් මුළුමණින්ම ඒකාධිපති වියරුවෙන් ආවේශ වුණු බුද්ධිහීන ඔල්මාදකාරයකුගේ මුග්ධ ක්‍රියාවක් බව පැහැදිලිය.

මේ අශික්ෂිත ක්‍රියාවට එරෙහිව නොබියව නැගී සිටි ගරු කතානායකවරයාට ද ඉතාම පහත් අයුරින් දෝෂාරෝපණය කිරීමට ජනාධිපතිවරයා සිය කතාව තුළ වැඩි වෙලාවක් වෙන්කර තිබිණි.

ප්‍රජාතන්ත්‍රවාදයේ යථාපැවැත්ම විධායකය, ව්‍යවස්ථාදායකය සහ අධිකරණය යන මූලික කුළුණු මත රඳා පවති. ඒ වෙනුවෙන් එහි ස්වෛරීත්වය මෙන්ම ස්වාධීනත්වය ආරක්ෂා කළයුතුව ඇත. විධායකය වල්වැදී ඇති පරිසරයක් තුළ ව්‍යවස්ථාදායකයේ ස්වාධීනත්වය ආරක්ෂාකර ගැනීමට උරදීම කතානායකවරයා සතු වගකීමකි. ව්‍යවස්ථාදායකයේ ස්වෛරීත්වය රැකගැනීම නීතියෙන්ම එතුමාට පැවරී ඇත. මන්ත්‍රීවරුන්ගේ අයිතිය සුරක්ෂිත කිරීමට එතුමා බැඳී සිටී. එසේම සියලු ජනතාවගේ පරමාධිපත්‍ය අයිතිය වෙනුවෙන් වගකීමක් ද එතුමා සතුය. ඒ වෙනුවෙන් එතුමා නොබියව පෙනී සිටියේය.

කුමන්ත්‍රණකාරී කුහකයන්ගේ තර්ජන ගර්ජන මැද්දේ කරු ජයසූරිය කතානායකවරයා සිදුකළ මේ නිර්භීත කාර්යය වෙනුවෙන් අප සියලු දෙනා සදා ණයගැති විය යුතුය. එසේම එතුමාගේ ජීවිතය ආරක්ෂාකර ගැනීම ප්‍රජාතන්ත්‍රවාදය ගරුකරන සියලු පුරවැසියන්ගේ වගකීමක් බව සිහිපත් කළයුතුය.

අවසාන වශයෙන් සඳහන් කළයුතුව ඇත්තේ, 2015 ජනාවාරි 08 වෙනස නියෝජනය කළ මේ රටේ සුවහසක් ජනතාවගේ පරම අභිලාශයන්ට පයින් ගසා ජනාධිපති සිරිසේන සිය ගෝත්‍රිකත්වයේ මුල් බිම් සොයා නිර්ලජ්ජිත ලෙස පසුබැස ඇති බවය. එසේනම් ඊට එරෙහිව උස් නිදහස, ප්‍රජාතන්ත්‍රවාදය විශ්වාස කරන, ඊට ගරු කරන සියලු ජනතාවත් සමඟ අප වීරියෙන් යුතුව නිවහල්බවේ උස් බිම් කරා පියනැගීමට සුදානම් බව කිව යුතුය.

 

 

Post Views: 1
Previous Post

කථානායකවරයාට පාර්ලිමේන්තුව කැඳවන්න බෑ – විමල් කියයි

Next Post

වසන්ත අතහරි… මනුෂ ඇතුළු තිදෙනෙක් විපක්ෂයට – පාර්ලිමේන්තුව හෙටයි

editor

editor

Next Post

වසන්ත අතහරි... මනුෂ ඇතුළු තිදෙනෙක් විපක්ෂයට - පාර්ලිමේන්තුව හෙටයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

4 April 2025
රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයට හදිසියේ මොකද උනේ ?

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයට හදිසියේ මොකද උනේ ?

30 April 2025
ගනේමුල්ල සංජීව ඝාතනයේ සහායිකාව, සෙව්වන්දි ?

ගනේමුල්ල සංජීව ඝාතනයේ සහායිකාව, සෙව්වන්දි ?

20 February 2025
බන්ධනාගාරයේදී දේශබන්දු නිරුවත් කරලා..? – මානසිකවත් වැටිලාලු

බන්ධනාගාරයේදී දේශබන්දු නිරුවත් කරලා..? – මානසිකවත් වැටිලාලු

21 March 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
මහින්දගේ ප්‍රධානත්වයෙන් දේශපාලන රැස්වීමක්

මහින්දගේ ප්‍රධානත්වයෙන් දේශපාලන රැස්වීමක්

9 May 2025
රට පුරා වේගයෙන් පැතිරෙන වෛරසය ගැන දැනගමු

රට පුරා වේගයෙන් පැතිරෙන වෛරසය ගැන දැනගමු

9 May 2025
ගුවන් අනතුරින් මිය ගිය ගණන සහ තවත් තොරතුරු

ගුවන් අනතුරින් මිය ගිය ගණන සහ තවත් තොරතුරු

9 May 2025
නව පාප් වහන්සේ Robert F. Prevost

නව පාප් වහන්සේ Robert F. Prevost

9 May 2025

Recent News

මහින්දගේ ප්‍රධානත්වයෙන් දේශපාලන රැස්වීමක්

මහින්දගේ ප්‍රධානත්වයෙන් දේශපාලන රැස්වීමක්

9 May 2025
රට පුරා වේගයෙන් පැතිරෙන වෛරසය ගැන දැනගමු

රට පුරා වේගයෙන් පැතිරෙන වෛරසය ගැන දැනගමු

9 May 2025
ගුවන් අනතුරින් මිය ගිය ගණන සහ තවත් තොරතුරු

ගුවන් අනතුරින් මිය ගිය ගණන සහ තවත් තොරතුරු

9 May 2025
නව පාප් වහන්සේ Robert F. Prevost

නව පාප් වහන්සේ Robert F. Prevost

9 May 2025
ttvnews.lk

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

මහින්දගේ ප්‍රධානත්වයෙන් දේශපාලන රැස්වීමක්

මහින්දගේ ප්‍රධානත්වයෙන් දේශපාලන රැස්වීමක්

9 May 2025
රට පුරා වේගයෙන් පැතිරෙන වෛරසය ගැන දැනගමු

රට පුරා වේගයෙන් පැතිරෙන වෛරසය ගැන දැනගමු

9 May 2025
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved