27 April 2024
#දේශීය

කථානායකවරයාට පාර්ලිමේන්තුව කැඳවන්න බෑ – විමල් කියයි

කථානායකවරයාට හෙට දින පාර්ලිමේන්තුව කැඳවීමට බලයක් නොමැති බවත් ජනාධිපතිවරයා විසින් පාර්ලිමේන්තුව විසුරුවා හරින ලද පාර්ලිමේන්තුව කථානායකවරයාට හැකියාවක් නොමැති බව ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් විරවංශ පවසයි.

අද (13) මේ වන විට අගමැති කාර්යාලයේ පැවැත්වෙන මාධ්‍ය හමුවක් අමතමින්. ඒ මහතා කියා සිටින්නේ කථානායකවරයාගේ තනතුර පවා මේ වන විට අහෝසි වී ඇති බවත් එය ශ්‍රේෂ්ඨාධිකරණයේ තීන්දුව අනුව තීරණය වන බවයි.

මේ වන විට ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ලබා දී ඇත්තේ අත්හිටුවීමක් පමණක් බවත් එය එක්සත් ජාතික පක්ෂයේ පිරිස් ජයග්‍රහණයක් වශයෙන් සැලකීම විහිළුවක් බව හෙතෙම කියා සිටියේය.

Leave a comment

Your email address will not be published. Required fields are marked *