ජාත්‍යන්තර ගිවිසුම්වලට පිටින් ආණ්ඩුවට ක්‍රියා කරන්න විදිහයක් නොමැති නමුත් විවිධ අය සුරංගනා කතා කියමින් නැවත ශ්‍රී ලංකාව බිම දාන්න උත්සාහ කරන බවත් එයට ශ්‍රී ලාංකික මහජනතාව හසු නොවිය යුතු බව එක්සත් ජාතික පක්ෂ සභාපති, පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධන මහතා පවසයි.
මන්ත්‍රීවරයා මේ බව පැවසුවේ පසුගිය (25) වන දින ගාල්ල කෝන්ගහ ක්‍රෙසන්ට් ක්‍රීඩා සමාජය විසින් සංවිධානය කර තිබූ පාපන්දු තරඟයේ ත්‍යාග ප්‍රධානය සඳහා සහභාගී වූ අවස්ථාවේදීය.
එහිදී මාධ්‍යවේදීන් නැගු ප්‍රශ්න සඳහා මන්ත්‍රී වජිර අබේවර්ධන මහතා පවසා සිටියේ ජාතික නායකයෙක් හැටියට රනිල් වික්‍රමසිංහ මැතිතුමා ලංකා ඉතිහාසයේ වාර්තාගත ඡන්ද සංඛ්‍යාවක් ලබාගනිමින් නැවත ජනාධිපතිධූරයට පත්වෙන බවත් එය දේශපාලනයෙන් තොර ක්‍රියාවලියක් බවයි. ඒසේම ශ්‍රී ලංකාව ලෝකය හමුවේ ඉදිරියට ගෙනියන්න නම් එම තත්ත්වයෙන් ලංකාවේ දේශපාලන පක්ෂ වෙනස් විය යුතුව අතරම ඒ වගේම ශ්‍රී ලාංකීය දේශපාලනයේ නව පියවරක් තැබිය යුතුව තිබෙන බව හෙතෙම පැවසිය.
එමෙන්ම මෙම වසර ආරම්භ වනවිටම ජනාධිපතිවරයා ප්‍රකාශයක් කරලා කිව්වා, නියමිත වෙලාවට ජනාධිපතිවරණය පවත්වන බවත් එය නියමිත වෙලාවට ප්‍රකාශයට පත් වේවී යැයි මන්ත්‍රීවරයා කියා සිටියේය. ශ්‍රී ලාංකික මහජනතාව ජනාධිපතිවරයාට ඓතිහාසික ජයග්‍රහණයක් ලබාදීමට අවශ්‍ය පරිසරය මේ වනවිටත් පෙළ ගැසෙමින් තිබෙන අතර නව පියවර තනි පුද්ගලයෙක් හැටියට රනිල් වික්‍රමසිංහ නැමැති ජාතික නායකයා තබා තිබෙන බව මන්ත්‍රීවරයා අවධාරණය කලේය.
අස්වැසුම, මහජනතානවට අවශ්‍ය සහන ලබාදෙන්නේ ජාත්‍යන්තර ගිවිසුම්වලට අනුකූලව බවත් එම ත්‍යන්තර ගිවිසුම්වලට පිටින් ක්‍රියා කරන්න විදිහයක් නෙැමැතිබව මන්ත්‍රීවරයා කියා සිටියේය. මේ අතර විවිධ අය සුරංගනා කතා කියමින් නැවත ශ්‍රී ලංකාව බිම දාන්න උත්සාහ කරන අතර එයට ශ්‍රී ලාංකික මහජනතාව හසු නොවිය යුතු බව පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධන මහතා වැඩිදුරටත් කියා සිටියේය.