• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

ජනමත විචාරණය සල්ලි කාබාසිනියා කිරීමක් බව ජි. එල්. පීරිස් කියයි

17 June 2019
in දේශීය
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter

අනිවාර්යයෙන් පැවැත්විය යුතු මැතිවරණ පවත්වන්නේ නැතිව ආන්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුව කිසිසේත් පවත්වන්නට බැරි මැතිවරණ පැවැත්වීම සම්බන්ධයෙන් විශේෂ උනන්දුවක් දක්වන බව පෙනෙන්නට තිබෙන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුනේ සභාපති මහාචාර්ය ජි. එල්. පීරිස් මහතා පවසයි.

සභාපතිවරයා මේ බව පැවසුවේ අද (17) එම පක්ෂයේ පැවැති මාධ්‍ය හමුවට එක්වෙමින්. එහිදී ඒ මහතා කියා සිටියේ රජය විසින් මේ වන විට ජනමත විචාරනයක් පැවැත්වීමට සැලසුම් කර ඇති බවයි. එම ජනමත විචාරනයෙන් බලාපොරොත්තු වන්නේම පාර්ලිමේන්තුව විසුරුවා හැර මහා මැතිවරණයකට යාමට බව හෙතෙම පැවැසිය.

ඒ පිළිබඳ වැඩිදුරටත් අදහස් දැක් වු මහාචාර්ය ජි. එල්. පීරිස් මහතා “ 19වන සංශෝදනයේ ඉතාමත් පැහැදිලිව සඳහන් වෙනවා පාර්ලිමේන්තුව ප්‍රතම වතාවට රැස් වු දින ඉඳලා අවුරදු හතරහමාරක් ගතවෙන තුරු විසුරවා හැරීමට නොහැකි බව. එය ඉතාමත් පැහැදිලි තහනමක්. අවුරුදු හතරහාමාරේ කාලය තුල පාරලිමේන්තුව විසුරවිය හැක්කේ එක් අවස්ථාවකදී පමනයි පාර්ලිමේන්තුවේ මන්ත්‍රිවරුන්ගෙන් තුනෙන් දෙකක යෝජනාවක් ඉදිරිපත් කොට සම්මත කලොත් පාර්ලිමේන්තුව විසුරවිය යුතුයි කියලා එම යෝජනාව ජනාධිපතිවරයාට දෙන්න පුලුවන්. එම තත්ත්වය හැර වෙන කිසිදු අවස්ථාවක් දී පාර්ලිමේන්තුව විසුරවා හැරීමට බැහැ. ජනමත චිචාරන එකක් නෙවෙයි දහයක් පැවැත්වුවත් මේ තත්වය වෙනස් කරන්න බැහැ. ඒ නිසා තමයි අපි කියන්නේ මේක මහජන මුදල් කාබාසිනියා කිරීමක් කියලා. ජනමත විචාරනයේ ප්‍රතිඵල කුමක් වුවත් සියයට හැත්තෑවක් මැතිවරණයක් අවශයයි කිව්වත් මැතිවරනයකට යන්න බැහැ. උදාහරනයක් ගත්තොත් ජනමතවිචාරනයක් අද පැවැත්වුවොත් සියයට හත්තෑ පහක් ජනතාව මේ ආණ්ඩුව පිලිබඳව සෑහීමට පත් නොවන බව ප්‍රකාශ කරන බව විශ්වාසයි.එ හෙම වුනොත් ආණ්ඩුව ගෙදර යනවාද. ආන්ඩුවට පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන්ගේ බහුතර සහාය තිබෙනවා නම් ජනමත විචාරනයේ ප්‍රතිඵල කුමක් වුවත් ඒකෙ කිසිම ප්‍රතිඵලයක් නැහැ. ඒ නිසයි අපි කියන්නෙ මේ ජනමතවිචාරනය කිසිම ප්‍රයොජනයක් ඇති දෙයක් නොවේ කියලා. මේකට මුදල් හොයන්නෙ කොහෙන්ද. ජනමත විචාරණයක් සඳහා ජනාධිපතිවරනයකට හෝ මහ මැතිවරණයකට යන වියදමම වැයවෙනවා. කිසි වෙනසක් නැතුව ඒසා විශාල ධනස්කන්දයක් වියදම් වෙනවා. කවුද ඒ මුදල් අනුමත කරන්නේ. මේ වසර අවසානයේ ජනාධිපතිවරණය පැවැත්වීම සඳහා දැනට මැතිවරන කොමිසමට මුදල් වෙන්කරලා තිබුනත් එය ජනමත විචාරණයකට භාවිතා කල නොහැකියි. ජනමත විචාරනයක් පැවැත්විම සඳහා පාර්ලිමේන්තු පරිපූරක ඇස්තමේන්තුවක් හරහා කෝටි ප්‍රකෝටි ගනනක් වෙන් කල යුතු යි. පාර්ලිමේන්තුව මේක කරයිද. මහජන මුදල් මේ විදිහට නාස්තිකරන්නට පාර්ලිමේන්තුව අවසර දෙයිද. ජනාධිපති තුමාට පුලුවන් කොල කෑල්ලක් අත්සන් කරන්න ජනමත විචාරණයක් පවත්වන්න කියලා. නමුත් ඒ සඳහා අවශ්‍ය මූල්‍ය ප්‍රතිපාදන ලැබිය යුතු වන්නේ පාර්ලිමේන්තුවෙන්. එතකොට පාර්ලිමෙන්තුවේ බහුතරයක් මේකට කැමති වෙයිද. මේ යෝජනාව ඉදිරිපත් කරන අය මේකෙ ප්‍රායෝගික පැතිකඩ ගැන හිතලා තියෙනවද. ශ්‍රි ලංකාවේ ජනමත විචාරණ පිලිබඳ විශේෂ පනතක් තිබෙනවා. ඊට අනුකූලව ජනමත විචාරණය ප්‍රකාශයට පත්කිරීමත් පැවැත්වීමත් අතර අවමය දින තිහක් වත් තිබිය යුතුයි. ජනාධිපතිවරයා ප්‍රකාශ කල දිනයේ සිට මාසයක් යනතෙක් ජනමත විචාරණයක් පවත්වන්න බැහැ. පනතේ විස්තර සහිතව සඳහන් වෙනවා මැතිරිවරණ කොමිසම මෙහිදී ගත යුතු පියවර සම්බන්දව. ඡන්දපොල භාර නිලදාරීන් පත්කල යුතුයි. ගනන් ගන්නා නිලදාරීන් පත්කල යුතුයි. ඒ ඒ දේශපාලන පක්ශවල නියොජිතයින් පත් කල යුතුයි. ගොඩනැගිලි ඇුතුලු අනෙකුත් සියලු පහසුකම් සැලසීමට මැතිවරණ කොමිසමට සිදු වෙනවා. මේවට කල් යනවා. මේ අතරම මැතිවරණ කොමිසමට සිදුවෙනවා ජනාධිපතිවරණයට සුදානම් වීමට. යැයි මහාචාර්ය ජි. එල්. පීරිස් මහතා වැඩිදුරටත් කියා සිටියේය.

Post Views: 0
Previous Post

කොළඹ වරායේ නැගෙනහිර ජැටිය විකිණීම නතර කිරීමේ සටනට පෙරට එන්න

Next Post

නුසුදුසු තත්ත්වයේ බිළිඳ සනීපාරක්ෂක තුවා විකිණීමේ ජාවාරමක් වටලයි

editor

editor

Next Post

නුසුදුසු තත්ත්වයේ බිළිඳ සනීපාරක්ෂක තුවා විකිණීමේ ජාවාරමක් වටලයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
අනතුරු අඟවමින් විශේෂ නිවේදනයක් !

අනතුරු අඟවමින් විශේෂ නිවේදනයක් !

4 June 2025
මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

4 April 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
අදත් දයාසිරි CID යට

අදත් දයාසිරි CID යට

6 June 2025
ගෙවත්තක කිඹුලෙක්

ගෙවත්තක කිඹුලෙක්

6 June 2025
කොළඹ නගර සභාවට එජාපයෙන් මාලිමාවට සහය ?

කොළඹ නගර සභාවට එජාපයෙන් මාලිමාවට සහය ?

6 June 2025
මව් කුසක් නිර්මාණය කරමින් ජෛව තාක්ෂණයේ පෙරළිකාර පිම්මක්

මව් කුසක් නිර්මාණය කරමින් ජෛව තාක්ෂණයේ පෙරළිකාර පිම්මක්

6 June 2025

Recent News

අදත් දයාසිරි CID යට

අදත් දයාසිරි CID යට

6 June 2025
ගෙවත්තක කිඹුලෙක්

ගෙවත්තක කිඹුලෙක්

6 June 2025
කොළඹ නගර සභාවට එජාපයෙන් මාලිමාවට සහය ?

කොළඹ නගර සභාවට එජාපයෙන් මාලිමාවට සහය ?

6 June 2025
මව් කුසක් නිර්මාණය කරමින් ජෛව තාක්ෂණයේ පෙරළිකාර පිම්මක්

මව් කුසක් නිර්මාණය කරමින් ජෛව තාක්ෂණයේ පෙරළිකාර පිම්මක්

6 June 2025
ttvnews.lk

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

අදත් දයාසිරි CID යට

අදත් දයාසිරි CID යට

6 June 2025
ගෙවත්තක කිඹුලෙක්

ගෙවත්තක කිඹුලෙක්

6 June 2025
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved