2025 වසරේ ජනවාරි මාසයට සාපේක්ෂව මෙවර 2026 වසරේ මුල් සති කිහිපය තුළ මෙරට ඩෙංගු රෝගීන්ගේ සංඛ්‍යාව කැපී පෙනෙන ලෙස ඉහළ ගොස් ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ ජාතික ඩෙංගු මර්දන ඒකකය අනතුරු අඟවයි.
එම ඒකකයේ වැඩබලන අධ්‍යක්ෂ කපිල කන්නන්ගර මහතා පෙන්වා දෙන්නේ පසුගිය වසරේ ජනවාරි මාසයේදී රෝගීන් 4,970ක් වාර්තා වී තිබූ නමුත්, මෙම වසරේ මේ දක්වා කාලය තුළ පමණක් රෝගීන් 6,521ක් වාර්තා වී ඇති බවයි.
දැනට වාර්තා වී ඇති රෝගීන්ගෙන් වැඩිම පිරිසක් කොළඹ දිස්ත්‍රික්කයෙන් වාර්තා වන අතර එම සංඛ්‍යාව 1,627කි. ඊට අමතරව ගම්පහ දිස්ත්‍රික්කයෙන් රෝගීන් 971 දෙනෙකු වාර්තා වී තිබේ.
පවතින වැසි සහිත කාලගුණයත් සමඟ මදුරුවන් බෝවන ස්ථාන සීඝ්‍රයෙන් ඉහළ යාම මෙම තත්ත්වයට ප්‍රධාන හේතුව වී ඇති බවත්, තම නිවාස සහ අවට පරිසරය පිරිසිදුව තබා ගැනීමට වහාම පියවර ගන්නා ලෙසත් සෞඛ්‍ය බලධාරීන් මහජනතාවගෙන් ඉල්ලා සිටියි.














