• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

ජනාධිපතිවරණයක්….. මාධ්‍ය ආයතන ගැන ජවිපෙ අනුරගෙන් සැර කතාවක්

2 January 2019
in දේශීය
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter

විධායක ජනාධිපතිධුරය අහෝසි කිරීමට කටයුතු නොකරන්නේ නම් මේ වසරේ නොවැම්බර් මාසයේදී ජනාධිපතිවරණයක් පැමිණීමට නියමිත බව ජනතා විමුක්ති පෙරමුණ පවසයි. ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතා අද (02) මාධ්‍ය හමුවක් කැඳවමින් කියා සිටියේ විවිධ ආණ්ඩු විවිධ අවස්ථාවල අපේ රටේ මාධ්‍ය ආයතන තමන්ට අවශ්‍ය පරිදි හීලෑ කරගත් බවයි.

දිසානායක මහතා වැඩිදුරටත් මෙසේ අදහස් පල කර සිටියේය “ ඇතැම් පෞද්ගලික මාධ්‍ය ආයතනවලට ආණ්ඩුවේ චෙක්පත් මුද්‍රණය කිරීම බාර දීලා නම්මා ගත්තා. කුමන හෝ ආකාරයෙන් තමන්ට හීලෑ කරගන්න බැරි මාධ්‍ය ආයතනවලට බෝම්බ ගැහුවා. මාධ්‍යවේදීන් ඝාතනය කළා. එනිසා අපේ රටේ හැම ආණ්ඩුවකින්ම මාධ්‍යයට තර්ජන තිබ්බා. දැන් නව ක‍්‍රමවේදය වෙලා තිබෙන්නේ තමන්ට හීලෑ නොවන මාධ්‍ය ආයතනවලට රාජ්‍ය ආයතනවල දැන්වීම් ලබා නොදීමේ තර්ජනයයි. රාජ්‍ය ආයතනවල දැන්වීම් සඳහා වියදම් කරන්නේ ජනතාවගේ මුදල්. එම ජනතා මුදල් ආණ්ඩුවේ දේශපාලනය අනුව තමන්ට හිතකරද නැද්ද යන තීරණය මත යොදා ගැනීම අනුමත කළ නොහැකි කටයුත්තක්. එය හෙළා දැකිය යුතු කරුණක්. රාජ්‍ය මාධ්‍ය හැම වෙලාවේම පවතින ආණ්ඩුවේ හොරණෑව බවට පත්වුණා. අයි.ටී.එන්. නාලිකාවට පවුලේ නාලිකාව නම පටබැඳුණේ එම දේශපාලන භාවිතය නිසයි. පසුගිය ආණ්ඩුව කාලයේ ටෙලි නාට්‍ය ප‍්‍රචාරය කර ගැනීමේදී අයථා ගනුදෙනු සිදුවුණා. රාජ්‍ය මාධ්‍ය ආයතනවල දේපළ දේශපාලඥයින්ගේ පුත්තුන්ගේ නාලිකාවලට භාවිත කළා. අනෙකුත් දේශපාලඥයන්ට මඩ ගහන්න රාජ්‍ය මාධ්‍ය යොදා ගත්තා. මෛතී‍්‍රපාල සිරිසේන ජනාධිපතිවරයාගේ කොමිසම අනුව ස්වාධීන රූපවාහිනියෙන් මහින්ද රාජපක්‍ෂගේ දැන්වීම් විකාශනයේ පාඩුව සහ ජනාධීපතිවරණය සමයේ මෛතී‍්‍රපාල සිරිසේනගේ දැන්වීම් ප‍්‍රචාරය නොකිරීමේ පාඩුව පමණක් රුපියල් විසි දෙකෝටි පනස් අට ලක්‍ෂයක් පමණ වෙනවා. එහි වැරදිකරුවන් ලෙස කෙහෙලිය රඹුක්වැල්ල, මහින්ද රාජපක්‍ෂ ඇතුළු කණ්ඩායමක් නම් කොට තිබෙනවා. එනිසා මෙවැනි මාධ්‍ය දේශපාලනීකරණයට එරෙහිව එම ආයතනවල සේවකයින් නැගී සිටීමේ වගකීමක් ඔවුන්ට තිබෙනවා. එම දේශපාලනයේ ගොදුරක් නොවී ඉන්න ඔවුන්ට හැකියාව තිබෙනවා. සත්‍ය වශයෙන් කළ යුතු වන්නේ මාධ්‍ය ආයතනවලින් හොරකම් කරපු, හොරු එම ආයතනවල තනතුරුවලට පත් කරපු පුද්ගලයින්ගේ වැඩ තහනම් කිරීමයි. නමුත් දැන් සිදුවෙමින් තිබෙන්නේ සේවකයින්ගේ වැඩ තහනම් කිරීමයි. ස්වාධීන රූපවාහිනියේ අද සිදුවී තිබෙන්නේ එයයි. එම තත්වය වහාම වැළැක්වීමට කටයුතු කළ යුතුව තිබෙනවා.

මහ බැංකු බැඳුම්කර වංචාව පිළිබඳව ජනාධිපති කොමිෂන් වාර්තාව භාර දුන්නෙ 2017.12.30 වැනිදා. ඒ පිළිබඳව කෝප් පාර්තාව ඉදිරිපත් කොට මාස 18ක් ගතවෙනවා. ගනුදෙනුව සිදුවී වසර හතරකට ආසන්න කාලයක් ගතවෙනවා. නමුත් ඒ සම්බන්ධයෙන් තවමත් නඩුවක් ගොනුකර නැහැ. නඩුවක් නොමැතිව සැකකරුවන් දෙදෙනෙක් රිමාන්ඞ් බන්ධනාගාරයේ සිටියා. ඒ පරීක්‍ෂණ කටයුතු සිදුකරන නිසා. නමුත් පරීක්‍ෂණ කටයුතු පිළිබඳව සෑහීමකට පත්විය නොහැකි නිසාත්, ප‍්‍රධාන සැකකරුවෙක් වන අර්ජුන මහේන්ද්‍රන් අත්අඩංගුවට නොගැනීම නිසාත් අධිකරණය අර්ජුන ඇලෝෂියස්ට සහ කසුන් පලිසේනට ඇප ලබාදෙන්න තීරණය කරනවා. වංචාව-දුෂණය ගැන මහා ලොකුවට කතා කරන ජනාධිපතිවරයාගේ කොමිෂන් වාර්තාව අනුවවත් නඩුවක් ගොනුකර නැහැ. ජනාධිපතිවරයා නිකම් බොරුවට තප්පුලන පුද්ගලයෙක් බවට පත්වෙලා. රනිල් වික‍්‍රමසිංහ සටකපට කුප‍්‍රකට පුද්ගලයෙක්. ඔහු දුෂිතයින් ආරක්‍ෂා කරනවා. අර්ජුන මහේන්ද්‍රන් රටින් පිටමං කළේ රනිල් වික‍්‍රමසිංහයි. ඔහු තමයි මහ බැංකු අධිපතිවරයා ලෙස ජනතාවට වගකිව යුත්තේ. එම දුෂිත ගනුදෙනුව වෙලාවේ බහ බැංකුව බාර ඇමතිවරයා වුණේ රනිල් වික‍්‍රමසිංහයි. දැන් තහවුරු වෙලා තිබෙන්නේ උන් ආවොත් උංගෙ හොරු රකින බවත් මුං ආවොත් මුංගේ හොරු රකින බවත් කියන කාරණයයි. මේ දෙගොල්ලන්ටම දඬුවම් දෙන්න හැකි වෙන්නේ හොරකම් නොකරන දේශපාලන පක්‍ෂයක් බලයට ආවොත් පමණක් බව මේ රටේ ජනතාව තේරුම් ගත යුතුයි.

අපි ජනාධිපතිවරයාට කියන්නෙ බැඳුම්කර වාර්තාව පාර්ලිමේන්තුවට දාන්න කියලයි. ඒක ජනතා මුදල් වැය කොට සකස් කරපු වාර්තාවක් නිසා එහි තොරතුරු දැනගැනීමට මහජනතාවට අයිතියක් තිබෙනවා. එම වාර්තාව පාරලිමේන්තුවට නොදැමීමෙන් තහවුරු වෙන්නේ ජනාධිපතිවරයාගේ හොරු රැුකීමේ කැමැත්තයි. ජනාධිපතිවරයාම ප‍්‍රකාශ කළ පරිදි 2006 සිට මහ බැංකු බැඳුම්කරවලින් සිදුවූ පාඩුව බිලියන 1,000ක්. ඒවා සිදුවූයේ කොහොමද කියලා ජනාධිපතිවරයා රටට ප‍්‍රකාශයක් කළ යුතුයි. අද ජනාධිපතිවරයා අතුරේ ඉන්න පුද්ගලයෙක් වගෙයි. ඒ පැත්තට යනවාද මේ පැත්තට යනවද කියලා තීරණයක් නැහැ. ඒ නිසා දෙපැත්තේම හොරු රකිනවා. අගමැතිවරයාත් මේ හොරකමට සම්බන්ධ නිසා ඔහුගෙන් සාධාරණ පරීක්‍ෂණයක් බලාපොරොත්තු විය නොහැකියි. ජනාධිපතිවරයා තමයි මේ සම්බන්ධයෙන් කටයුතු කළ යුතු වන්නේ. යැයි දිසානායක මහතා වැඩිදුරටත් පැවසිය.

Post Views: 7
Previous Post

ජනතාවගේ දුගී බව තුරන් කිරීම ප්‍රමුඛ අරමුණ කර ගන්න – ජනපතිගෙන් නිලධාරින්ට උපදෙස්

Next Post

රාජ්‍ය ආයතන 100 ක් බත්තරමුල්ලට – ඇමැති පාඨලි කියයි

editor

editor

Next Post

රාජ්‍ය ආයතන 100 ක් බත්තරමුල්ලට - ඇමැති පාඨලි කියයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
අනතුරු අඟවමින් විශේෂ නිවේදනයක් !

අනතුරු අඟවමින් විශේෂ නිවේදනයක් !

4 June 2025
මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

4 April 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
අද කාලගුණ නිවේදනය

අද කාලගුණ නිවේදනය

6 June 2025
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
රාජ්‍ය නිලධාරීන්ට චෝදනාවක් – වෙනස් වෙන්නැත්තම් වෙනස් කරන්නත් ජනපති සූදානමින්

රාජ්‍ය නිලධාරීන්ට චෝදනාවක් – වෙනස් වෙන්නැත්තම් වෙනස් කරන්නත් ජනපති සූදානමින්

5 June 2025
ව්‍යවසායකයින් වෙනුවෙන් කර්මාන්ත අමාත්‍යාංශය කරන්න යන දේ

ව්‍යවසායකයින් වෙනුවෙන් කර්මාන්ත අමාත්‍යාංශය කරන්න යන දේ

5 June 2025

Recent News

අද කාලගුණ නිවේදනය

අද කාලගුණ නිවේදනය

6 June 2025
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
රාජ්‍ය නිලධාරීන්ට චෝදනාවක් – වෙනස් වෙන්නැත්තම් වෙනස් කරන්නත් ජනපති සූදානමින්

රාජ්‍ය නිලධාරීන්ට චෝදනාවක් – වෙනස් වෙන්නැත්තම් වෙනස් කරන්නත් ජනපති සූදානමින්

5 June 2025
ව්‍යවසායකයින් වෙනුවෙන් කර්මාන්ත අමාත්‍යාංශය කරන්න යන දේ

ව්‍යවසායකයින් වෙනුවෙන් කර්මාන්ත අමාත්‍යාංශය කරන්න යන දේ

5 June 2025
ttvnews.lk

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

මෝටර් රථ 3000ක් සමඟින් නැවක් ගිනි ගනියි

මෝටර් රථ 3000ක් සමඟින් නැවක් ගිනි ගනියි

6 June 2025
අද කාලගුණ නිවේදනය

අද කාලගුණ නිවේදනය

6 June 2025
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved