27 April 2024
#දේශීය

ජනතාවගේ දුගී බව තුරන් කිරීම ප්‍රමුඛ අරමුණ කර ගන්න – ජනපතිගෙන් නිලධාරින්ට උපදෙස්

ජනතාවගේ දුගී බව තුරන් කිරීම ප්‍රමුඛ අරමුණ කර ගනිමින් නව වසරේ සංවර්ධන සැලසුම් සකස් කරන ලෙස ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ලධාරින්ට උපදෙස් දෙයි. මත්ද්‍රව්‍ය වැනි සමාජයට අහිතකර සියලූ බලවේගයන් මර්ධනය පිළිබදව ද විශේෂ අවධානයකින් කටයුතු කළ යුතු අතර, ඒ වෙනුවන් ක්‍රියාත්මක විශේෂ වැඩසටහන් තවදුරටත් ශක්තිමත් කිරීමේ අවශ්‍යතාවය ද ජනාධිපතිවරයා අවධාරණය කළේ ය.

ජනාධිපතිවරයා මේ බව පැවසුවේ අද (01) පෙරවරුවේ පොළොන්නරුව දිස්ති්‍රක් ලේකම් කාර්යාලයේ පැවති ,පිබිදෙමු පොළොන්නරුව, දිස්ති්‍රක් සංවර්ධන වැඩසටහනේ ප්‍රගති සමාලෝචන රැස්වීමට එක් වෙමිනි.

පිබිදෙමු පොළොන්නරුව, දිස්ත්‍රික් සංවර්ධන වැඩසටහනේ 2018 වසරේ ප්‍රගතිය සහ 2019 වසරේ සැලසුම් පිළිබද මෙහි දී සමාලෝචනයට ලක් කෙරිණි.

වසර ගණනාවක් පුරා සංවර්ධනය අතපසු වූ පොළොන්නරුව දිස්ත්‍රික්කයේ සංවර්ධනය වෙනුවෙන් 2018 වසරේ රුපියල් මිලියන 9615 ක මුදලක් වැය කර තිඛෙන බවත්, එහි මූල්‍ය ප්‍රගතිය සියයට සියයක් බවත් දිස්ත්‍රික් ලේකම්වරයා මෙහිදී පෙන්වා දුන්නේ ය.

දිළිදුකම තුරන් කිරීම සහ මත්ද්‍රව්‍ය නිවාරණය වෙනුවෙන් දිස්ත්‍රික්කය තුළ ක්‍රියාත්මක වැඩසටහන්වල ප්‍රගතිය මෙහිදී විමසා බැලූණු අතර, රාජ්‍ය ආයතනවල පවතින මානව සම්පත් හි`ගයට විස`දුම් ලබාදීම පිළිබඳව ද අවධානය යොමු විය.

නව බස් නැවතුම්පොළේ ඉදිකිරීම්, කසළ කළමනාකරණ වැඩසටහන් ඇතු`ථ පොළොන්නරුව නගර සංවර්ධන කටයුතු පිළිබඳව ද සාකච්ඡාවට බන් විය.

පවතින කාලගුණික තත්ත්වය සමග කෘෂිකාර්මික කටයුතුවල නව පිබි`දීමක් ඇති වී තිඛෙන අතර දිස්ත්‍රිකයේ කෘෂිකාර්මික සංවර්ධනය වෙනුවෙන් ,පිබිදෙමු පොළොන්නරුව, වැඩසටහන යටතේ විශේෂ වැඩසටහන් ක්‍රියාවට නැංවීමට ද ජනාධිපතිවරයා උපදෙස් දුන්නේ ය.

රැක් රෝපණ වැඩසටහනේ ප්‍රගතිය පිළිබදව ද සාකච්ඡාවට ලක් වූ අතර පළාත් අධ්‍යාපන කාර්යාලය හා දිස්ත්‍රික් ලේකම් කාර්යාලය ඒකාබද්ධ ව පාසල් දරුවන් වෙත පැළ ඛෙදාදීමේ වැඩසටහනක් ක්‍රියාවට නැංවීමට ද ජනාධිපතිවරයා උපදෙස් දෙනු ලැබීය.

පොළොන්නරුව පොත්ගුල් වෙහෙර අභියස වෙළෙදාමේ නියුතු වෙළදුන් 08 දෙනෙකු වෙනුවෙන් වෙළෙ`ද කුටි ලබාදිම ද මෙහිදී ජනාධිපතිතුමා අතින් සිදු කෙරිණි.

පොළොන්නරුව දිස්ති්‍රක් ලේකම්වරයා ඇතුථ රාජ්‍ය නිලධාරිහු මීට එක්ව සිටියහ.

Leave a comment

Your email address will not be published. Required fields are marked *