ජපානයේ ජාතික පදනම් දිනය (Kenkoku-Kinen-no-Hi) අදට (11) යෙදී තිබේ. ක්‍රිස්තු පූර්ව 660 දී ජපානයේ පළමු අධිරාජ්‍යයා ලෙස ජිම්මු (Emperor Jimmu) අභිෂේක ලැබීම සහ එරට ජාතික පදනම පිහිටුවීම මෙදින අනුස්මරණය කෙරේ.
මෙම සුවිශේෂී දිනය නිමිත්තෙන් ජපානය සහ ශ්‍රී ලංකාව අතර පවතින දීර්ඝකාලීන මිත්‍රත්වය සහ සහයෝගීතාවය තවදුරටත් ශක්තිමත් කරගැනීමේ අරමුණින් ශ්‍රී ලංකා ජනතාව වෙත උණුසුම් සුබපැතුම් ද එක් කර තිබේ. ජපානයේ පොහොසත් ඉතිහාසය, සම්ප්‍රදායන් සහ වටිනාකම් මෙනෙහි කිරීමට මෙම දිනය අවස්ථාවක් කර ගන්නා බව එරට බලධාරීන් පවසයි.














