• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

ජවිපේ නායකයා කියන කියන පලියට රටේ ජනාධිපතිට වැඩකරන්න බැහැ – මන්ත්‍රී තිස්ස කුට්ටිආරච්චි

12 January 2024
in දේශීය, පුවත්
ජවිපේ නායකයා කියන කියන පලියට රටේ ජනාධිපතිට වැඩකරන්න බැහැ – මන්ත්‍රී තිස්ස කුට්ටිආරච්චි
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter

රටේ ජනාධිපතිවරයා ආර්ථිකය හසුරවන මොහොතේ අනුර කුමාර මහතා හා සජිත් ප්‍රේමදාස මහතාට ඒ විවේචනය කළ හැකි වුවද රට කරගෙන යෑමේදී ඇතිවෙන ප්‍රශ්නවලට ඔවුන්ට පිළිතුරු නොමැති බව පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස කුට්ටිආරච්චි මහතා පවසයි.

ඒ මහතා මේ බව ප්‍රකාශ කළේ ශ්‍රි ලංකා පොදුජන පෙරමුණ පක්ෂ මූලස්ථානයේ අද දින (12) පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමිනි.

එහිදි පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස කුට්ටිආරච්චි මහතා, “ගිය වසර 02ට ආසන්න කාලයක් ඉතාම හැල හැප්පීම් මැද ආපු වර්ෂ දෙක්ක. 2024 මම හිතන්නේ ජනතාවගේ හිතේ තියෙනවා මේ වර්ෂය මැතිවරණ වර්ෂයක් කියන ප්‍රශ්නාර්ථයක් තුළ තමයි සියලුදෙනා සිටින්නේ. අපිවත් තවම දන්නේ නැහැ මුලින්ම තිබෙන මැතිවරණය කුමක්ද කියලා. හැබැයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ විදිහට තියන ඕනම මැතිවරණයකට තනියෙන් මුහුණදෙන්න පුළුවන් ආකාරයේ ශක්තිවන්ත විදිහට මේ වනකොට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පක්ෂය වැඩපිළිවෙල හදාගෙන යනවා. ගිය වසර පුරාවට ගත්තොත් අපි ප්‍රාදේශීය වශයෙන්, ග්‍රාමීය වශයෙන් අපේ ශාඛා ටික හදලා ඒ වගේම අපේ බලමණ්ඩල ටික පත්වලා, දිස්ත්‍රික් බල මණ්ඩල පවත්වලා ජාතික මහා සම්මේලනය ඉතාම සාර්ථකව පවත්වපු ලංකාවේ දැවැන්තම පක්ෂය විදිහට මේ වන විට නැවතත් උඩට පැමිණිලා තිබෙනවා. අපේ පක්ෂය අපි ඕනෑම මැතිවරණයකට සූදානම්. හැබැයි ජනතාවගේ පැත්තෙන් ගත්විට මේ අවස්ථාවේ ඉතාම පීඩනයකින් සිටින කාලයක්. බඩු මිල අහස උසට ගිහිල්ලා, විදුලි බිල දරාගන්න බැරි වී තිබෙනවා. ජනතාව දැඩි මානසික පීඩනයකින් සිටින අවස්ථාවක්. සිරිමාවෝ බණ්ඩාරණායක මැතිණිය අපේ රටට ගෙනාවා කෘෂිකාර්මික ආර්ථිකය. පිටරටට අතපාන්නේ නැතිව කෘෂිකාර්මික නිෂ්පාදන ආර්ථිකයක් අවශ්‍යයි කියලා සිරිමාවෝ බණ්ඩාරණායක මැතිණිය ඉතාම සාර්ථකව ඒ වැඩපිළිවෙල නොබියව ගෙනාවා. හැබැයි අපේ රටේ ජනතාවට එය අල්ලගෙන යන්න බැරි වුණා. හැබැයි පාලකයෙක් විදිහට සිරිමාවෝ බණ්ඩාරණායක මැතිණිය ඉතාමත් ශක්තිවන්තව එදා රාජ්‍ය නායිකාව විදිහට තීරණයක් ගත්තා ස්වයං ආර්ථිකයක්, කෘෂිකාර්මික ආර්ථිකයක්. හැබැයි එය දරාගන්න බැරිව මැතිණියට අවලාද කරලා ජේ.ආර්. ජයවර්ධන මැතිතුමාව දැවැන්ත බලයක් සමඟ එතුමාව බලයට ගෙනාවා. එතුමා විවෘත්ත ආර්ථිකය ගෙනාවා. ඊට පස්සේ එක් එක් කාලවලදී ජනාධිපතිවරු බලයට ගෙනාවා. ඒ පාලකයින් යම් මට්ටමකට මේ රට පාලනය කලා. ඉන්පසුව මේ රටේ යුද්ධය නිමා කරන්න රටේ ජනතාව බහුතර බලය දුන්නා මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාට. ඒ අවස්ථාවේ ජනතාව ඉල්ලුවේ මේ රටේ යුද්ධය නතර කරලා දෙන්න කියලා. මහින්ද රාජපක්ෂ මැතිතුමා එවකට හිටපු ත්‍රිවිධ හමුදාපතිවරු ඒකාබද්ධ කරගෙන අපිට යුද්ධය අවසන් කරලා දුන්නා. ඒ යුද්ධය අවසන් කිරීමත් සමඟ මහින්ද රාජපක්ෂ මැතිතුමා නැවතුනේ නැහැ. එදා කෘෂිකාර්මික ආර්ථිකයත් කාර්මික ආර්ථිකයත් එක්කම සේවා ආර්ථිකයත් යන්න ඕන කියලා අධිවේගී මාර්ග ටික හැදුවා. අද හුඟක් දෙනෙක් විවේචනය කරනවා. මේවා රටට, ජනතාවට කා වැද්දුවා. ඊරිසියාව, වෛරය, ක්‍රෝධය කාවැද්දුවා. එතුමා අපේ රටට විවිධ සංවර්ධන වැඩකටයුතු කළා. රාජපක්ෂවරු රොත්ත බුරුත්ත පිටින් හොරකම් කරනවා කිව්වා. මම පෞද්ගලික වශයෙන් එය දැකලා නැහැ. මහින්ද රාජපක්ෂ මැතිතුමාත් එවකට ආර්ථිකය කළමණාකරණය කරපු බැසිල් රාජපක්ෂ මැතිතුමාත් ඉතා පැහැදිලිව හිතුවා මේ රටේ ආර්ථිකය ක්‍රම දෙකකට ප්‍රසාරණය කළයුතුයි කියලා. එහෙම ආර්ථික වැඩපිළිවෙලක් තිබෙන අවස්ථාවේ රාජපක්ෂවරුන් හොරු කියලා ගමේ දේශපාලනඥයින් හොරු කියලා බලය වෙනස් කරලා යහපාලන ආණ්ඩුව ගෙනාවා. යහපාලන ආණ්ඩුව කරපු දේවල් නොගැලපීම් නිසා තමයි යහපාලන ආණ්ඩුව එලවලා නැවතවතාවක් ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයාව බලයට ගේන්නේ 69 ලක්ෂයක් ඡන්දය දිලා. හැබැයි ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා බලයට පැමිණිමත් එක්ක පහුගිය කාලසීමාව තුළ ණය ගත්තේ නැහැ. හැබැයි ණය වාරික ගෙව්වා. ඊටපස්සේ කොරෝනා පැමිණියා. අපේ රටේ ජනතාව බේරාගැනීමට විශාල කැපකිරීමක් කළා. සමහර තැන්වලදි ඒ ආර්ථික තීන්දු එතුමාට වරදින්න ඇති. සමහර තැන්වලදි හරියන්න ඇති. ඒකේ වැරදි තිබුණ නිසා වෙන්න පුළුවන් රටේ ජනතාව එකතුවෙලා අන්තිමට එතුමාව පලවා හරින තැනට පත්වුනේ. දැන් ආපහු සමාජ ජාලාවල තිබෙනවා ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා රටට හිතට නායකයෙක් කියලා. අපි හැමෝම වස කන තැනට පත්වෙලා තිබෙනවා. ඒක දැකපු ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා කෘමිනාෂකවලින් තොරව කෘෂිකර්මාන්තයක් ගැන කතා කළේ. එතුමා ගෙනාපු වැඩපිළිවෙල වේගවත් නිසා එතුමාට වැරදුනා කියන කාරණය පිළිගන්නවා. එතුමා ගෙනාපු ඒ වැඩපිළිවෙල මැතිණියගේ කාලයේ වගේ අපේ ජනතාවට අල්ලගෙන යන්න බැරි වුණා. සමහර අන්තවාදි පක්ෂ පන්දම් එළියට අරගෙන ඇවිත් ජනතාව අවුස්සලා විවිධ සමාගම්වල වුවමනාවන් සම්පූර්ණ කිරීම සඳහා විශාල කලබගැනියක් කරලා අවසානයේ ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා එළියට යනවිට පාර්ලිමේන්තුවෙන් ජනාධිපතිවරයෙක් තෝරන්න වුණා. සජිත් ප්‍රේමදාස මහතා හොඳයි ද කියලා ඇහුවා? අපි හොඳ නැහැ කිව්වා. එතුමා රාජ්‍ය පාලනයට ගැලපෙන්නේ නැහැ. රණසිංහ ප්‍රේමදාස මැතිතුමා අද හිටියනම් අදටත් ගැලපෙනවා රාජ්‍ය පාලනයට. නමුත් සජිත් ප්‍රේමදාස මහතා රාජ්‍ය පාලනයට ගැලපීමක් අපිට පේන්නේ නැහැ. අනුර කුමාර දිසානයක මැතිතුමා ඉල්ලුවා. එතුමා ඉල්ලන්නන්වාලේ ඉල්ලන කෙනෙක්. අනුර කුමාර මහතා කියන්නේ අරගලයත් සමඟ ආපු අන්තවාදි පුද්ගලයෙක්. එතුමා බලන්නේ මිනි මරලා පාලනය ගන්න. එවකට අපි තීරණය කළා ඒ අවස්ථාවේ තිබුණු ආර්ථික සමාජීය දේශපාලන ප්‍රශ්නයට සුදුසුම පුද්ගලයා රනිල් වික්‍රමසිංහ මැතිතුමා කියලා අපි හැමෝම පක්ෂය කියපු නිසා එකතුවෙලා එතුමාව බහුතර බලයකින් ජනාධිපතිවරයා බවට පත්කළා. එදා තිබුණු ප්‍රශ්න මැඩපවත්වන්න රනිල් වික්‍රමසිංහ මැතිතුමාට බලය ලබාදුන්නා. එතුමාට ලබාදුන්න ඒ වැඩපිළිවෙල ඉතා සාර්ථකව කළා. හැබැයි ඒක තුළ ජනතාවට වැට් බදු වැඩි කිරීමත්, බඩු මිල දැවැන්ත ලෙස ඉහළ යාමත්, විදුලිබිල, තෙල් මිල වැඩිකිරීමත් කාරණ සම්බන්ධව ජනතාවගේ පැත්තේ ඉදගෙන ජනතාවගේ ඇසින් බැලුවාම ඉතා පැහැදිලි වැරැද්දක් රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා ප්‍රමුඛ ආණ්ඩුව කරලා තිබෙනවා. අපිත් සාමාන්‍ය ජනතාවක් විදිහට ප්‍රාදේශීය මන්ත්‍රිවරයාගේ සිට ජනාධිපතිවරයා දක්වා ඒ ප්‍රශ්නවලට මුහුණ දෙනවා. මම කණ්ඩායම් රැස්වීම් නියෝජනය කරන නිසාත් , පාර්ලිමේන්තුව නියෝජනය කරන නිසාත් ජනාධිපතිවරයා සමඟ කතා කරන නිසාත් රටේ ආදායම පිළිබඳ රටේ වියදම පිළිබඳව දැනුවත්වීමක් යම් මට්ටමක අපි සිටිනවා. ජවිපේ නායකයා කියන කියන පලියට රටේ ජනාධිපතිට කරන්න බැහැ. රටේ ජනාධිපතිවරයා ආර්ථිකය කියවනවා . කියවන ආර්ථිකය අනුර කුමාර මහතාට, සජිත් මහතාට පුළුවන් විවේචනය කරනවා. කරන්න ගියාම තිබෙන ප්‍රශ්න? ඒ පිළිබඳව අපි පැහැදිලිව දන්නවා. ඒ නිසා ආණ්ඩුව නියෝජනය කරන මන්ත්‍රිවරයෙක් විදිහට මෙය සාධාරණය කරන්නේ නැහැ. හැබැයි මම යෝජනාවක් කරනවා මේ පවතින ආර්ථික රාමුව තුළ ජනතාව දැඩි පීඩනයක ඉන්නවා. පවතින ඕනෑම මැතිවරණයකදී ජනතාව බුද්ධිමත්ව ඡන්දය භාවිතා කරන කොට හැඟීම්බර වෙන්න එපා. අපේ රටේ ප්‍රධාන ප්‍රශ්නයට ඩොලර් අවශ්‍යයි. කාටද ඩොලර් හොයන මාර්ගයකට අතපොවන්න පුළුවන්? මම බොහෝම පැහැදිලිව ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ අපි රට ගැන තීරණය කරනකොට රට ඉස්සරහට යනකොට ප්‍රතිපත්ති එක්ක බලමු කියන කාරණය මතක් කරන්න කැමති. එක චැනල් එකක කටමැත දොඩවන සහෝදරයෙක් ඉන්නවා. ඒ සහෝදරයා පුදුම වෛරයක්නේ පතුරවන්නේ. කටමැත දොඩවන සහෝදරයා පත්තරේ තියෙන ඒවා නොවේනේ කියවන්නේ. පත්තරේ දිහා බලාගෙන තමන්ගේ හිතලුනේ කියවන්නේ. මහින්ද රාජපක්ෂ ආදරණීය රට බේරගත්ත නායකයා නැවක නැගපු එකක් කියවනවා. ඒ සහෝදරයාට බය නැතිව අද පාරේ බැහැලා යන්න පුළුවන්කම ලැබුනේ මහින්ද රාජපක්ෂ මැතිතුමා මේ යුද්ධය නතර කරපු නිසානේ. ඒ මාධ්‍යවේදියා ජනාධිපති මාධ්‍ය උපදේශකවරයෙක් විදිටහ ඉඳලා රජයේ පඩි අරගෙන රජයේ වාහන පාවිච්චි කරාද නැත්ද? ඇයි මේ වගේ වෛරය ක්‍රෝධය පතුරවන්නේ. ඒ නැවේ ගිය සිද්ධිය පිළිබඳව අදාළ රාජ්‍ය අමාත්‍යවරයා කරුණු පැහැදිලි කළා. මේ පක්ෂ මූලස්ථානයට මේ මාධ්‍ය සහෝදරයෝ පැමිණියාම තේ වේලක් දෙන එක අපේ යුතුකමක්. ඉතිහාසයේ මුතුන් මිත්තෝ ගෙදරට එන අයට කෑමවේලක් දෙනවා. අපි වරායේ ඒ ටර්මිනල් දෙකක් බලන්න ගියා. අපි එහි තිබෙන දේවල් පිළිබඳව අපි යම් දැනුවත්වීමක් ලබාගත්තා. ඒ ගිය අවස්ථාවේ ඇමතිතුමා පුළුවන් විදිහට සංග්‍රහයක් සූදානම් කරලා තිබුණා. ප්‍රශ්න තිබෙනවා කියලා අඩ අඩා ඉන්න ජාතික් නොවේ අපි. ප්‍රශ්න ගොඩින් මිරිකීගෙන ඉදිරියට යන එඩිතර ජාතියක්. ඒ නිසා ඒ මාධ්‍ය සහෝදරයාට කියනවා ජනතාව අවුස්සන්න එපා. අපේ ඉන්නේ අමාරු තැනින් නැගිටින මිනිස්සු ජාතියක්. ඒ පිරිසට ඒ ශක්තිය සහයෝගය ලබාදෙන්න කියන ඒ ඉල්ලීම කරනවා. 2024 මොන ප්‍රශ්න ගැටලු ආවත් අපි සියලුදෙනාම ඕන විදිහට පක්ෂවලට බෙදෙමු. හරි මනසින් බුද්ධියෙන් වැඩකරලා මේ රටේ දරුවන්ගේ අනාගතය වෙනුවෙන් වැඩකරමු කියන ආරාධනාව සමස්ථ ජනතාවට කරනවා.”යනුවෙන් මන්ත්‍රී තිස්ස කුට්ටිආරච්චි වැඩිදුරටත් කියා සිටියේය.

Post Views: 94
Previous Post

නයන වාසලතිලක පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස දිවුරුම් දෙයි

Next Post

ජපාන ආධාර යටතේ ආරම්භ කළ සංවර්ධන ව්‍යාපෘති යළි ඇරඹීමට අවධානය – ජපාන මුදල් අමාත්‍ය සුසුකි ෂුනිචි

editor ttvnews

editor ttvnews

Next Post
ජපාන ආධාර යටතේ ආරම්භ කළ සංවර්ධන ව්‍යාපෘති යළි ඇරඹීමට අවධානය – ජපාන මුදල් අමාත්‍ය සුසුකි ෂුනිචි

ජපාන ආධාර යටතේ ආරම්භ කළ සංවර්ධන ව්‍යාපෘති යළි ඇරඹීමට අවධානය - ජපාන මුදල් අමාත්‍ය සුසුකි ෂුනිචි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

4 April 2025
රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයට හදිසියේ මොකද උනේ ?

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයට හදිසියේ මොකද උනේ ?

30 April 2025
ගනේමුල්ල සංජීව ඝාතනයේ සහායිකාව, සෙව්වන්දි ?

ගනේමුල්ල සංජීව ඝාතනයේ සහායිකාව, සෙව්වන්දි ?

20 February 2025
බන්ධනාගාරයේදී දේශබන්දු නිරුවත් කරලා..? – මානසිකවත් වැටිලාලු

බන්ධනාගාරයේදී දේශබන්දු නිරුවත් කරලා..? – මානසිකවත් වැටිලාලු

21 March 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
23කට දිවි අහිමි කළ අනතුරේ හේතුව සොයා තවත් කණ්ඩායමක් කොත්මලේට

23කට දිවි අහිමි කළ අනතුරේ හේතුව සොයා තවත් කණ්ඩායමක් කොත්මලේට

15 May 2025
කොටහේනේ සියදිවි නසා ගත් දැරිය සම්බන්ධව  – මවගෙන් සාක්ෂි සටහන් කර ගනී

කොටහේනේ සියදිවි නසා ගත් දැරිය සම්බන්ධව – මවගෙන් සාක්ෂි සටහන් කර ගනී

15 May 2025
තුසිත හල්ලොලුව මහතා CIDයට

තුසිත හල්ලොලුව මහතා CIDයට

15 May 2025
ප්‍රබල අකුණු ගැන අවවාදාත්මක නිවේදනයක්

ප්‍රබල අකුණු ගැන අවවාදාත්මක නිවේදනයක්

15 May 2025

Recent News

23කට දිවි අහිමි කළ අනතුරේ හේතුව සොයා තවත් කණ්ඩායමක් කොත්මලේට

23කට දිවි අහිමි කළ අනතුරේ හේතුව සොයා තවත් කණ්ඩායමක් කොත්මලේට

15 May 2025
කොටහේනේ සියදිවි නසා ගත් දැරිය සම්බන්ධව  – මවගෙන් සාක්ෂි සටහන් කර ගනී

කොටහේනේ සියදිවි නසා ගත් දැරිය සම්බන්ධව – මවගෙන් සාක්ෂි සටහන් කර ගනී

15 May 2025
තුසිත හල්ලොලුව මහතා CIDයට

තුසිත හල්ලොලුව මහතා CIDයට

15 May 2025
ප්‍රබල අකුණු ගැන අවවාදාත්මක නිවේදනයක්

ප්‍රබල අකුණු ගැන අවවාදාත්මක නිවේදනයක්

15 May 2025
ttvnews.lk

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

23කට දිවි අහිමි කළ අනතුරේ හේතුව සොයා තවත් කණ්ඩායමක් කොත්මලේට

23කට දිවි අහිමි කළ අනතුරේ හේතුව සොයා තවත් කණ්ඩායමක් කොත්මලේට

15 May 2025
කොටහේනේ සියදිවි නසා ගත් දැරිය සම්බන්ධව  – මවගෙන් සාක්ෂි සටහන් කර ගනී

කොටහේනේ සියදිවි නසා ගත් දැරිය සම්බන්ධව – මවගෙන් සාක්ෂි සටහන් කර ගනී

15 May 2025
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved