27 April 2024
#දේශීය #පුවත්

නයන වාසලතිලක පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස දිවුරුම් දෙයි

නයන වාසලතිලක මහතා 09 වැනි පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරයෙක් ලෙස කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා ඉදිරියේ අද (12) දිවුරුම් දුන්නේය.

සමගි ජනබලවේගය නියෝජනය කරමින් බදුල්ල මැතිවරණ කොට්ඨාසයේ, පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස කටයුතු කළ චමින්ද විජේසිරි මහතා සිය ධූරයෙන් ඉල්ලා අස්වීම හේතුවෙන් ඇති වූ පුරප්පාඩුවට වාසලතිලක මහතා මෙලෙස පත් කර තිබේ.

2015 වසරේදී එක්සත් ජාතික පක්ෂය නියෝජනය කරමින් ක්‍රියාකාරී දේශපාලනයට පිවිසී ඇති වාසලතිලක මහතා 2020 පාර්ලිමේන්තු මැතිවරණයේදී සමගි ජන බලවේගය නියෝජනය කරමින් බදුල්ල මැතිවරණ කොට්ඨාසයෙන් මනාප 31,307 ක් ලබාගෙන තිබේ.

Leave a comment

Your email address will not be published. Required fields are marked *