බොදු බල සේනා සංවිධානයේ ලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් ඇප මත මුදාහරින ලෙස කොළඹ මහාධිකරණය නියම කළේය.
2016 වසරේ කොළඹ පැවැති මාධ්‍ය හමුවකදී පලකළ අදහස් වලින් ඉස්ලාම් දහමට අපහාසයක් සිදුකළ බවට පැවති නඩුවකට ඥානසාර හිමියන් වරදකරු කර තිබුණි.
අධිකරණය විසින් මෙම නියෝගය ලබා දි ඇත්තේ එම දඬුවමට එරෙහිව අභියාචනයක් ඉදිරිපත් කර ඇති නිසා තමන්ව ඇපමත මුදාහන ලෙස ඉල්ලා ඥානසාර හිමියන් විසින් ඉදිරිපත් කළ ප්‍රතිශෝධන පෙත්සමක් විභාග කිරීමෙන් අනතුරුවයි.
ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ මහාධිකරණ විනිසුරුවරයා ඥානසාර හිමියන් රුපියල් 50000/- මුදල් ඇප සහ රුපියල් ලක්ෂ 10 බැගින් වූ ශරීර අප දෙකක් මත මුදා හැරීමට නියෝග කර තිබේ.