පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට මුල්වූ වැලිගම වෙඩිතැබීමේ සිදුවීම සම්බන්ධයෙන් ප්‍රකාශ ලබාගැනීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනී සිටන ලෙස කර තිබු දැනුම් දීමක් සදහා හිටපු මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතා ප්‍රකාශයක් ලබාදීම සඳහා අද (31) පෙරවරුවේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණ සිටියා.
ඒ අනුව අද පෙරවරු 10.45ට පමණ ටිරාන් අලස් මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණියා.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් පැය තුනක පමණ අධික ප්‍රශ්නකිරීම් හමුවේ අත්අඩංගුවට ගැනීමට නියමිත බව දේශපාලන ආරංචිමාර්ග වලින් අනාවරණය වුණා.