ඉරානයේ අගනුවර වන තෙහෙරාන් (Tehran) සහ පූජනීය නගරයක් ලෙස සැලකෙන කොම් (Qom) ඉලක්ක කරගනිමින් මීට සුළු මොහොතකට පෙර අතිශය දරුණු ගුවන් ප්‍රහාර මාලාවක් එල්ල වී ඇති බව වාර්තා වේ. යෙඩියොට් නිව්ස් (Yediot News) ඇතුළු විදෙස් මාධ්‍ය වාර්තා කරන පරිදි, මෙම ප්‍රහාරයන් එල්ල වී ඇත්තේ ඉරාන උත්තරීතර නායකයාගේ පුත් අයතුල්ලා මොජ්ටාබා ඛමේනි (Ayatollah Mojtaba Khamenei) කොම් නගරයේ රැඳී සිටින බවට තොරතුරු වාර්තා වී ඇති පසුබිමක වීම විශේෂත්වයකි.
ප්‍රහාර එල්ල වූ ස්ථාන පිළිබඳව මෙතෙක් නිල වශයෙන් තහවුරු කර නොමැති වුවද, කොම් නගරයේ පිහිටි ආරක්ෂක මර්මස්ථාන සහ උපායමාර්ගික ස්ථාන කිහිපයකින් ප්‍රබල පිපිරීම් හඬ ඇසුණු බව ප්‍රදේශවාසීහු පවසති. ඉරාන නායකත්වයේ මීළඟ උරුමකරුවෙකු ලෙස සැලකෙන මොජ්ටාබා ඛමේනි ඉලක්ක කරගනිමින් මෙවැනි ප්‍රහාරයක් එල්ල වීම ඉරාන රජයට සහ එරට ආරක්ෂක අංශවලට එල්ල වූ දරුණුතම අභියෝගයක් ලෙස සැලකේ. ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ලබා දුන් අවසාන නිවේදනය අවසන් වීමට පැය කිහිපයක් තිබියදී එල්ල වූ මෙම ප්‍රහාරයත් සමඟ කලාපීය යුද්ධය මහා පරිමාණ විනාශයක් කරා ගමන් කරමින් පවතින බව විචාරකයෝ පෙන්වා දෙති.
මුලාශ්‍රය – Yediot News / Al Arabiya













