බෝහායි මුහුදෙන් ටොන් මිලියන 100 ඉක්මවූ දැවැන්ත තෙල් නිධියක් සොයාගැනේ
හොංකොං හි CNOOC සමාගම විසින් බෝහායි මුහුදේ (Bohai Sea) සිදුකළ දැවැන්ත තෙල් නිධියක් සොයාගෙන තිබෙනවා.
CNOOC සමාගම (CNOOC Limited) අද දින නිවේදනය කළේ බෝහායි මුහුදේ නොගැඹුරු නියෝජීන් (Neogene) ස්ථරයන්හි සිදුකළ ගවේෂණවලින් කින්හුවාන්ඩාඕ 29-6′ (Qinhuangdao 29-6) නමැති සුවිශේෂී තෙල් නිධිය සොයාගත් බවයි.
මෙහි ඇති තෙල් ධාරිතාව තෙල් ටොන් මිලියන සියයකට වඩා අධික බව තහවුරු වී තිබෙනවා.
මෙය මධ්‍යම බෝහායි මුහුදේ ශිජියුටුඕ (Shijiutuo) උස්බිම් කලාපයේ පිහිටා තිබෙන අතර
මෙහි ගැඹුර මීටර් 1,688ක් ඇති අතර, එහි මීටර් 66.7ක ඝනකමකින් යුත් තෙල් ස්ථර හමු වී තිබෙන බවයි විදෙස් මාධ්‍ය පවසා සිටියේ.
පරීක්ෂණ මට්ටමේදී සොයා ගෙන තිබෙන්නේ දිනකට බොරතෙල් බැරල් 2,560ක් පමණ නිපදවීමට හැකියාව පවතින බවයි.
2019 වසරේ සිට චීනයේ විශාලතම බොරතෙල් නිෂ්පාදන ඒකකය වන Bohai තෙල් නිධියෙන් සොයා ගත් සංචිතය ටොන් මිලියන 100 ඉක්මවන හත්වන තෙල් නිධිය මෙයයි. චීනයේ අක්වෙරළ තෙල් හා ගෑස් සංචිත තවදුරටත් තහවුරු කිරීම සහ ජාතික බලශක්ති ආරක්ෂාව සහතික කිරීම සඳහා මෙය ඉතා වැදගත් වන බවයි වාර්තා වන්නේ.












