ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (20) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව ඇමෙරිකානු ඩොලරයට සාපේක්ෂව රුපියලේ අගය තවදුරටත් පහත වැටී තිබේ. ඒ අනුව, එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රුපියල් 305.95ක් ලෙසත්, විකුණුම් මිල රුපියල් 313.49ක් ලෙසත් ඉහළ ගොස් ඇත.
අද දින මෙරට ප්‍රධාන වාණිජ බැංකු කිහිපයක විනිමය අනුපාතික පිරික්සීමේදී ඩොලරයේ අගය සටහන් වූයේ මෙසේය
ලංකා බැංකුව: ගැනුම් මිල රු. 306.25 – විකුණුම් මිල රු. 313.25
මහජන බැංකුව: ගැනුම් මිල රු. 306.23 – විකුණුම් මිල රු. 312.99
කොමර්ෂල් බැංකුව: ගැනුම් මිල රු. 304.49 – විකුණුම් මිල රු. 313.00
සම්පත් බැංකුව: ගැනුම් මිල රු. 306.05 – විකුණුම් මිල රු. 313.00
අමානා බැංකුව: ගැනුම් මිල රු. 307.85 – විකුණුම් මිල රු. 311.85
ඩොලරයේ අගය මෙලෙස අඛණ්ඩව ඉහළ යාම ආනයන භාණ්ඩවල මිල කෙරෙහි බලපෑමක් එල්ල කළ හැකි බව ආර්ථික විශ්ලේෂකයෝ පෙන්වා දෙති.














