තංගල්ල ප්‍රදේශයේ දී පොලීසිය විසින් සොයාගත් සමස්ත මත්ද්‍රව්‍ය ප්‍රමාණය කිලෝග්‍රෑම් 705.91 ක් බව පොලීසිය විසින් පවසයි.
පොලීසිය සඳහන් කළේ එම මත්ද්‍රව්‍ය තොගයේ සමස්ත වටිනාකම රුපියල් මිලියන 9,888 ක් පමණ වන බවයි
මෙහිදී හෙරොයින් කිලෝග්‍රෑම් 284.94 ක් සහ අයිස් කිලෝග්‍රෑම් 420.976 ක් පොලිසියට හමුවී තිබුණු අතර මත්ද්‍රව්‍ය සොයාගත් ලොරි රථවල ලියාපදිංචි හිමිකරුවන් මේ වනවිට අත්අඩංගුවට ගෙන ප්‍රශ්න කරමින් සිටියි.
පොලීසිය සිදුකළ මූලික විමර්ශනවලින් අනාවරණය වී ඇත්තේ විදෙස් රටක සිට මත්ද්‍රව්‍ය ජාවාරම් සිදුකරන ‘උනාකූරුවේ ශාන්ත’ නැමැති අපරාධකරු විසින් අදාළ මත්ද්‍රව්‍ය තොගය මෙරටට එවා ඇති බවයි.