27 April 2024
#දේශීය

තමන්ගේම නිවසක සිහිනය සැබෑ කරනවා – ගෝඨාභය රාජපක්ෂ

සෑම පවුලකටම තමන්ගේම නිවසක හිමිකාරීත්වය ලබා දීමේ වැඩපිළිවෙලක් නව රජය බලයට පත්වීමෙන් පසුව කි‍්‍රයාත්මක බව ශී‍්‍ර ලංකා පොදුජන පෙරමුණ ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා පවසයි. ඒ මහතා මෙසේ පැවසුවේ ඊයේ (09) නුවරඑළියේ පැවැති ජන රැළියක් අමතමිනි.

නිවාස සංකීර්ණ සකසන සමාගම් සමග මේ සම්බන්ධයෙන් දැනටමත් සාකච්ඡා කර ඇති අතර ඒ අනුව මාසිකව යම් මුදලක් ගෙවීම හරහා අඩු පොලියට,පහසු මිලට නිවසක් ලබා දීමට හැකියාව ලැබෙන බව හෙතෙම පැවසිය.

තමා හමුදා නිලධාරියෙක්ව සිටි සමයේ බැංකුවකින් නිවාස ණයක් ගැනීමට ගොස් අපහසුතාවයට පත් වූ ආකාරයද සදහන් කළ ද අඩු ආදායම්ලාබීන්ට තමන්ගේම නිවසක් පිළිබවදව වූ බලාපොරොත්තුව යකඩ නොවන ලෙස රජයක් කටයුතු කළ යුතුව ඇතැයිද පැවසීය.

ගෝඨාභය රාජපක්ෂ මහතා ආරක්ෂක ලේකම් සමයේදීත්.නාගරික සංවර්ධන අධිකාරියේ ලේකම්වරයා සමයේදීත් ඒ ඒ ක්ෂේත‍්‍රවලට අදාල පිරිස්වලට නිවෙස් ලබා දීම සදහා පියවර ගත් ආකාරයද මෙහිදී සඳහන් කළ සිහිපත් කළ අතර අනාගතයේ සියලූම පවුල් සදහා තමන්ගේ නිවසක් හිමිකර දීමට පියවර ගන්නා බවද වැඩිදුරටත් පැවසීය.

 

දිලිනි සමන්මලි

Leave a comment

Your email address will not be published. Required fields are marked *