තඹුත්තේගම පොලිස් අධිකාරී කාර්යාල සංකීර්ණයේ අලුතින් ඉදිකරන ලද අපරාධ ස්ථාන පරීක්ෂණාගාරය (SOCO) පොලිස්පති නීතීඥ ප්‍රියන්ත වීරසූරිය මහතා විසින් ඊයේ (17) නිල වශයෙන් විවෘත කරන ලදී.
තඹුත්තේගම පොලිස් කොට්ඨාසයට අයත් පොලිස් ස්ථාන 12ක බල ප්‍රදේශ තුළ සිදුවන අපරාධ විමර්ශනය සඳහා නවීන විද්‍යාත්මක සහ තාක්ෂණික සහය ලබාදීම මෙම පරීක්ෂණාගාරය පිහිටුවීමේ මූලික අරමුණයි
අපරාධ විමර්ශනවලදී ඉතා සියුම් සාක්ෂි විශ්ලේෂණය කර නිවැරදි සැකකරුවන් හඳුනා ගැනීමටත්, නිර්දෝෂී පුද්ගලයින් ආරක්ෂා කරමින් සාධාරණය ඉටු කිරීමටත් මෙමඟින් හැකියාව ලැබෙනු ඇත
විවෘත කිරීමේ අවස්ථාව සඳහා උතුරු මැද පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ටී.සී.ඒ. ධනපාල සහ තඹුත්තේගම කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී අයි.සී.යූ.වයි. කන්දෙවත්ත යන මහත්වරුන් ඇතුළු උසස් පොලිස් නිලධාරීන් පිරිසක් සහභාගී වූහ
පවතින සංකීර්ණ අපරාධ රැල්ල පාලනය කිරීම සඳහා මෙවැනි තාක්ෂණික පහසුකම් දිවයිනේ සෙසු ප්‍රදේශවලට ද ව්‍යාප්ත කිරීමේ අවශ්‍යතාව මෙහිදී අවධාරණය කෙරිණි













