තලංගම ඩිපෝව අසල ප්‍රධාන මාර්ගයට මුහුණලා පිහිටි පෞද්ගලික ඉඩමක තිබී 37 හැවිරිදි තරුණයකුගේ මළ සිරුරක් අද (04) පෙරවරුවේ අබිරහස් ලෙස හමුවී තිබේ. මියගිය පුද්ගලයා බණ්ඩාරවෙල ප්‍රදේශයේ පදිංචිකරුවෙකු බවට හඳුනාගෙන ඇති අතර, අදාළ ඉඩමේ හිමිකරු විසින් සිරුර දැකීමෙන් අනතුරුව තලංගම පොලිසිය දැනුවත් කර ඇත. මරණකරු කිසියම් පිරිසක් විසින් පහර දී ඝාතනය කර මෙහි ගෙනවිත් දැමුවේද, නැතහොත් මාර්ග අනතුරකට ලක්වීමෙන් පසු මෙම ස්ථානයට අතහැර ගියේද යන්න පිළිබඳව පොලිසිය සැක පළ කරයි. තලංගම පොලිසිය සිද්ධිය සම්බන්ධයෙන් පුළුල් විමර්ශනයක් ආරම්භ කර ඇති අතර මහේස්ත්‍රාත් පරීක්ෂණය අද පස්වරුවේ පැවැත්වීමට නියමිතය.














