අනුරාධපුර දිස්ත්‍රික්කයේ තලාව – ජයගඟ හන්දිය ප්‍රදේශයේදී පෞද්ගලික බස් රථයක් පෙරළී සිදුවූ අනතුරකින් පුද්ගලයින් 20ක පමණ සංඛ්‍යාවක් තුවාල ලබා ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය පවසනවා.
තුවාලකරුවන් අතර පාසල් සිසුන්ද අන්තර්ගත වන බව වාර්තා වන අතර, අනතුර සිදුවී ඇත්තේ බස් රථය පාරෙන් ඉවතට යාමෙන් පසු බව ආරංචි මාර්ග පවසනවා.
තුවාල ලැබූ අය තඹුත්තේගම සහ අනුරාධපුර මූලික රෝහල් වෙත ඇතුළත් කර ඇති අතර, ඔවුන්ගෙන් එක් අයෙකුගේ සෞඛ්‍ය තත්ත්වය බරපතළ බවත් ප්‍රකාශක කාර්යාලය වැඩිදුරටත් සඳහන් කරයි.














