වරායේ හිර වී ඇති බහලුන්වලින් පසුගිය පැය 24 තුළ බහලුම් 681 ක් නිෂ්කාශනය කර නිදහස් කළ බව වරාය අමාත්‍යාංශය පැවසීය.
එම බහලුම් 681ට එහිදී ප්‍රධාන පර්යන්තයෙන් බහලුම් 244 ක් සහ ශ්‍රී ලංකා රේගුව නිෂ්කාශනය කළ බහාලුම් 437 ක් ඇතුළත් බවත් ඉතිරි බහලුම් ද හැකි ඉක්මනින් නිදහස් කිරීමට කටයුතු කරන බව රේගු නිලධාරීන් සඳහන් කළ බවත් එම අමාත්‍යාංශයේ වැඩිදුරටත් සඳහන් කළේය.