ඔරුගොඩවත්ත ආලෝක සංඥා පුවරුව අසලදී අවිස්සාවේල්ල දෙසින් පැමින ඉඟුරුකඩේ දෙසට හැරවූ ප්‍රයිම් මුවර් රථයක් බහාලුමත් සමග පෙරලීයෑමෙන් අද(26) අලුයම 2.30 ට පමන සිදුවූ අනතුරකින් ත්‍රිරෝද රථයකට සම්පුර්නයෙන්ම හානි සිදුවූ අනතර ත්‍රිරෝද රථ රියදුරා බරපතළ තුවාල ලබා තිබෙනවා.
අනතුරින් ත්‍රිරෝද රථ රියදුරු බරපතළ තුවාල ලබා ඇති අතර, කොළඹ ගිනිනිවීමේ ඒකකය සහ ප්‍රදේශවාසීන් එක්ව ඔහුව රෝහල් ගත කර ඇත.