පසුගිය මාස හයක කාලයේදී ලාදුරු බවට සැක කෙරෙන රෝගීන් 23 දෙනෙකු හමුව තිබෙනවා.
මොරටුව එගොඩ උයන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි බල ප්‍රදේශයෙනුයි මෙම රෝගීන් හමුව තිබෙන්නේ.
මේ වන විට සමේ රෝග සායනයට ලාදුරු රෝගීන් යැයි සැක කෙරෙන තවත් 31 දෙනකුගේ වාර්තා ද ලැබී ඇති බවත් තවත් ලාදුරු රෝගීන් සිටිය හැකි බවත් වාර්තා වනවා.
මෙසේ රෝගී වූ පුද්ගලයන් 23න් 6ක්ම දරුවන් බවද සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි පෙන්වා දෙනවා.