• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

ත්‍රස්තවාදය මෙන්ම කුඩු දේශපාලනයත් විනාශ කරනවා – ජනපති අපේක්ෂක සජිත්

15 October 2019
in දේශීය
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter

සිය පාලනය යටතේ ජාතික ආරක්ෂාව තහවුරු කොට ත්‍රස්තවාදය විනාශ කරන්නාසේම කුඩු දේශපාලනයත් විනාශ කරනා බව නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජනාධිපතිධූර අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.

ඒ මහතා මේ බව පැවසුවේ අද (15) ජනාධිපතිවරණ ජනරැළි මාලාවේ දැරණියගල පැවැති ජනහමුවට සහභාගී වෙමින්.

නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමු‍ණේ ජනාධිපතිධූර අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතා මෙසේ පැවසිය ” මහපොළොවේ පය ගසා ජීවත් වන ජනතාවට ලබන නොවැම්බර් 17 දාට රණසිංහ ප්‍රේමදාස මහතාගේ පුතාව ජනාධිපති කරනවා කියන විශ්වාසය තියෙනවා. ජනාධිපතිවරණය ගැන කතා කරද්දි මම අපේ කණ්ඩායමත් සමඟ ඉදිරිපත් කරන්නේ අලුත් ගමණක්. අලුත් වැඩපිළිවෙලක්. නවීනත්වය නූතනත්වයට ගැලපෙන ප්‍රගතිශිලි ගමනක්. මෙය ඩිජිටල් තාක්ෂණය දැනුම මත පදනම් වූ ආර්ථික ගමනක්. දැනුම් මත පදනම් වූ ආර්ථික සංවර්ධනයක්. අපේ ඉලක්කය මාතෘභූමියට නවීන ක්‍රමෝපායන් හරහා අලුත් සංවර්ධන රටාවක්. ජනතාවගේ දුක නිවන යුගයක්. ජනතාවට සංවර්ධිත යුගයක්. ඒ යුගය අපි අනිවාර්යයෙන්ම මේ රටේ ජනතාව වෙනුවෙන් දිවි හිමියෙන්ම ඇති කරනවා. මේ රටේ අතිමහත් බහුතරයකට පවුල් පාලන බලයක් නැහැ. ධන බලයක් නැහැ. නමුත් මේ රටේ බහුතර ජනතාව ජන බලය අතේ තියාගෙන ඉන්නවා හරි වෙලාවට හරි දේ කරන්නට. මෙම මැතිවරණ දේශපාලන ව්‍යාපාරයේ දේශපාලන රූකඩයක් නොවෙයි මම. එක් එක් කෙනා පලනය කරන එක් එක් කෙනාට යටත් වුනු වහල් ජනාධිපතිවරණ අපේක්ෂකයෙක් නොවෙයි මම. මේ රටේ ජනාධිපති ලෙස ජනතාව මා දිනවන කොට මාව හසුරුවන්න කව්රුවත් නැහැ. මාව පාලනය කරන්න කව්රුත් නැහැ. මාව හසුරුවන්නේ මාව පාලනය කරන්නේ මහපොළොවට පය ගසා ජිවත් වන පුංචි මිනිසුන් වන ඔබ තමුන්නාන‍්සේලායි. අපේ ප්‍රතිවාදි කණ්ඩායම් කොහොමද හැසිරෙන්නේ කියලා දැන් හැමෝටම දැක ගන්න පුළුවන්. හැම දෙයක්ම පාලනය කරනවා. මාධ්‍යවේදීන් ලඟට ඇවිත් අහන ප්‍රශ්නවලට උත්තර දෙන්නත් තහනම්. මොකද බයයි කට වරද්ද ගනිවී කියලා. අපි සර්ව සම්පූර්ණ පුද්ගලයෝ නොවෙයි. මමත් අංග සම්පූර්ණ පුද්ගලයෙක් නොවෙයි. මගෙනුත් යම් යම් අවස්ථාවලදී අඩු පාඩුකම් සිද්ධ වෙන්න ඉඩ තිබෙනවා. හැබැයි වැරදිලාවත් මගෙන් අඩුපාඩුකම් සිද්ධ වුනොත් මට පිට කොන්දක් කශේරුකාවක් තියෙනවා ජනතාව ලගට ඇවිල්ලා සමාව ඉල්ලන්නට. මට ඒ හැකියාව තියෙනවා. මගේ ළග මහන්තත්ත්වකම නැහැ මම ලඟ ආඩම්බරකාරකම නැහැ. මගේ ලග එක දෙයක් තියෙනවා පොදු ජනතාවගේ හද ගැස්ම මගේ පපුවෙත් තියෙනවා. මේ රටේ හැම කෙනෙක්ම බලා පොරොත්තු වන්නේ සුබවාදි අනාගතයක් අපේ රටේ දරුපරපුරට ලබා දෙන්න. මතු පරපුර වෙනුවෙන් ශක්ති සම්පන්න ශ්‍රී ලංකාවක් ගොඩ නඟන්නයි. අපේ රටේ හැම දෙමාපියෙකුම බලාපොරොත්තුව එයයි. එවැනි රටක් ගොඩනගන්න නම් විනය ගරුක ජනසමාජයක් බිහි කරන්නට ඕනෑ. යුක්ති ගරුක නීති ගරුක ජන සමාජයක් නිර්මාණය කරන්නට ඕනෑ. රට පාලනය කරන පවුල් පරපුරේ ළමයින්ට එක නීතියකුත් ගමේ බණ්ඩයියාගේ දූ දරුවන්ට තව නීතියකුත් යනාදී ලෙස දෙවිදියක නීතියක් ක්‍රියාත්මක වෙන්නට බැහැ. එදා එවන් යුගයක් තිබුණා. නැවතත් එවන් නීතයක් ඕනැද රජපවුල්වල දරුවන් රජ කරන යුගයක් නැවත ඕනෙද… එසේනම් සජිත් ප්‍රේමදාස මේ රටේ ජනාධිපතිවරයා ලෙස ජනතාව පත් කරන කොට රජ වෙන්නේ වෙන කව්රුවත් නොවෙයි මේ රටේ සමස්ත ජනතාවයි. දැරණියගලට එද්දිම මට හිතට ලොකු ආඩම්බරයක් දැනුනා. නගරයට ඇතුල් වෙද්දි අපේ තාත්තා හදපු පවුල් 3000 ක් ජීවත් වන ඇගලුම් කර්මාන්ත ශාලාව පසු කරද්දි ලොකු සතුටක් හිතට දැනුනා. තාත්තා කර්මාන්ත ශාලා ආරම්භ කළා සේම පුතා කර්මාන්ත පුරයන් ආරම්භ කරනවා. ජනාධිපතිවරණයෙන් මාව ශක්තිමත් කරනකොට තරුණ පරපුර වෙනුවෙන් සෑඹ උපදිසාපති කොට්ඨාශයකට වෙනම කර්මාන්ත පුරවර වැඩසටහනක් ආරම්භ කරනවා. දැරණියගලටත් දෙහිඔවිටටත් කර්මාන්ත පුර ලබා දෙද්දි මුළු රටේම තරුණ තරුණියන්ගේ රැකියා ප්‍රශ්නය විසදන්න කර්මාන්ත පුර රට පුරාම ඉදි කරනවා. රටක් ඉදිරියට යන්න නම් අලුත් තාක්ෂණය, නවදැනුම පදනම්වූ ආර්ථිකයක් වෙනුවෙන් අපේ රට පරිවර්තනය කරන්න ඕනේ. නව තාක්ෂණය ඩජිටල් තාක්ෂණය පරිඝනක විද්‍යාව ඉංග්‍රීසි භාෂා සාක්ෂරතාවය අපි ලබා දෙන්න ඕනෑ. අගනුවර හෝ තදාසන්න නගරයක සිටින තරුණ පරපුර පමණක් නොවෙයි රටේ සමස්ත තරුණ පරපුරටම එය ලාබදිය යුතුය කියන ශක්තිමත් මතයේ මම ඉන්නවා.

රටපුරා කර්මාන්ත පුරවර ආරම්භ කරන අතරතුර පරිගණක තාක්ෂණය, ඩිජිටල් තාක්ෂණය කේන්ද්‍රකර ගත් ජාත්‍යන්තර තලයේ විද්‍යාල හැම උපදිසාපති කොට්ඨාශයකම ආරම්භ කර ඒ තාක්ෂණ විද්‍යාල තුලින් අපේ රටේ තරුණ පරපුරට දැනුම කියන ඉනිමගේ ඉහළටම ගෙනියන්න නොමිළේ අධ්‍යාපන ශක්තිය ලබාදීලා අපේ මාතෘභූමිය ඩිජිටල් තාක්ෂණයේ අංක 1 බවට පත් කරනවා. මගේ ජනාධිපතිවරණය ආරම්භ කළේ ‍‍ඓතිහාසික ජනරැළියක් පවත්වලා ගාලුමුවදොර පිටියෙන්. ඉන් පසුව ආසන මට්ටමේ රැස්වීම් මාලාව වැල්ලවායෙන් ආරම්භ කළා. මම එහිදි කළ කතාවේ අත්‍යාවශ්‍යම කොටස් රටටම ඉදිරිපත් කරන ඇත්තෝ හෙමිහිට කපා හැරියා. මගේ කතාව මාධ්‍යයෙන් කපා හැරියාට මම යන යන තැන්වලදී එම කතාව කියනවා. මම සමෘද්ධි වැඩසටහන ශක්තිමත් කරනවා වගේම රණසිංහ ප්‍රේමදාස ජනාධිපතිතුමාගේ ජනසවියත් යළි ලබා දෙනවා. මම කියන දේ ‍කපා හරින්නේ ඒ ඇත්තෝ සහාය දෙන අපේක්ෂකයෝ කඩාගෙන වැටේවි කියලා. අපේ ප්‍රතිවාදි අපේක්ෂකයෝ ජනසවි මුද්දරයවත් සමෘද්ධි මුද්දරයවත් දැකලා නැහැ. අපට ආරංචි වෙනවා දැන් එයාලට මෙන්න බොලේ ජනසවි මුද්දරය මෙන්න බොලේ සමෘද්ධි මුද්දරය කියලා උගන්නවනවා කියලා. අපට ඒවා උගන්නන්න අවශ්‍ය නැහැ. මොකද මම මහපොළොවේ පය ගහපු ජනතාවගේ හද ගැස්ම හදුනනවා. එම නිසා පොදු ජන හදගැස්ම ගැන මට කාගෙන්වත් ටියුෂන් ගන්න අවශ්‍ය නැහැ. මම ජනාධිපති වුණාට පස්සේ සමෘද්ධියත් දෙනවා ජනසවියත් දෙනවා. බලංගොඩ රැස්වීමේ කියපු වැදගත් දේත් මාධ්‍ය පෙන්නුවේ නැහැ ඇයි ඒ අය බයයයි. මොකද මම කියන දේ ජනතාව පිළිගන්නවා. මේ පොරොන්දු දෙන්නේ රණසිංහ ප්‍රේමදාසගේ පුතා නිසා තමයි ඒවා කපා හරින්නේ. මා‍ධ්‍යයෙන් කපන නිසා මුහුණු පොතේ මගේ කතාව සජිවව දෙනවා. මගේ තාත්තා දෙපැත්ත පත්තු වන විලක්කුවක් වැනි රටක් බාර ගත්තත් පාසල් දරුවන්ට නිල ඇදුම් දුන්නා දිවා ආහාරය දුන්නා. අපේ ප්‍රතිවාදින් තමයි පාසල් දරුවන්ගේ දිවා ආහාරය කැපුවේ. දිවා ආහාරය කපපු අය අද දරුවෝ වඩා ගෙන දරු සුරතල් පෙන්නමින් ඡන්ද ගන්න හදනවා. හැබැයි ජනතාව දැන ගන්න ඕනේ දිවා ආහාරය කපා දරු සුරතල් පෙන්න අය ප්‍රතික්ෂේප කරන්න. ලබන 17 ද ජනතාව මාව ජනාධිපති පුටුවේ වාඩිකලාම මම හැම පාසලකම සිටින සෑම දුවා දරුවෙකුටම පාසල් නිලඇදුම් කට්ටල දෙකයි දිවා ආහාරයයි ලබා දෙනවා. අපි එහෙම කරන්නේ පාසල් දූ දරුවන්ව අධ්‍යාපනයට දිරිගන්වන්නයි. දුප්පත් දරුවෙක් පාසල් යනකොට ඔවුන්ට අගතියක් නොවන්න සමානාත්මතාවය රකින්න, කෙනෙහිලිකම් නොවන ආකාරයට හොදින් අධ්‍යාපනය කරන්නටයි මෙලෙස නිල ඇදුම් හා දිවා ආහාරය ලබා දෙන්නේ.

දිවා ආහාරය ලබාදෙන්නේ ක්ලාන්තේ දාලා වැටෙන්න නොව හොඳින් අධ්‍යාපනය කරන්නයි. සැබෑ දරුකැක්කුමක් තියෙන සජිත් ප්‍රේමදාස දුවා දරුවන්ට දිවා ආහාරය ලබා දෙනවා. මගේ කතාව කපන්නේ මාව උඩට ඉස්සෙයි කියලා බයටයි. ඒ අයට මම කියනවා ජනතාව මාව උඩට උස්සලා හමාරයි කියන කාරණය. රටට විදේශ විනිමය ගෙනෙන වතු කම්කරුවෙකුට දවසකට ලැබෙන්නේ රුපියල් 700 ක සොච්චමක් පමණයි. නමුත් ජන සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව කියනවා හතර දෙනෙකුගෙන් යුතු පවුලකට මාසෙකට ජිවත් වෙන්න රුපියල් 50,000 ත් 55,000 ක් අවශ්‍යයි කියලා. ඒ නිසා සොච්චම් මුදලක් ලැබෙන වතු කම්කරුවාගේ වැටුප වැඩි කරනවා කියා මා පොරොන්දු වෙනවා. රටම වෙලාගෙන තිබෙන කුඩු ජාවාරමට මා ඉඩ තබන්නේ නැහැ. අපේ මාතෘභුමියේ කුඩුකාරයන්ට තැනක් තබන්නේ නැහැ. දේශපාලන ක්ෂේත්‍රයටත් කුඩුකාරයෝ ඇවිල්ලා. ඔවුන් බලවතුන් ධනවතුන් වෙලා. මම හොදම පුද්ගලයා ආරක්ෂක ඇමතිකමට පත් කරලා රටේ ජාතික ආරක්ෂාව තහවුරු කරමින් ත්‍රස්තවාදය තුරන් කරමින් කුඩාකාරයාවත් මෙරටින් තුරන් කරනවා. මේ රටේ සම්පත් තියෙන්නේ එක පවුලකට කාලා විනාශ කරන්න නොවෙයි. ඒ සම්පත් අයිති මේ රටේ මහජනතාවටයි. සැබෑ අයිතිකාරයෝ මේ රටේ ජනතාවයි. ඔවුන් තමයි මේ රටේ මහාභාණ්ඩාගාරයේ අයිතිකාරයෝ. රජපවුල් සමග ගජමිතුරු සබඳතා මට නැහැ. මම පාට පක්ෂ බේදයෙන් තොරව, කුලමල බේදයෙන් තොරව එකතු වෙන්නේ රටේ තැලෙන පොඩිවෙන වැඩ කරන ජනතාව සමගයි. ප්‍රේමදාසගේ පුතාට හයිය දීලා අලුත් යුගයක් අලුත් ගමනක් ආරම්භ කරමු. මේ රට ලෝකයේ අංක එකේ රට බවට පත් කරනවා පත්කරනවාමයි.

Post Views: 0
Previous Post

ඡන්දය භාවිත කරන්න අනන්‍යතාව තහවුරු කල යුතුයි – මැ.කෝ

Next Post

මගේ සුදු වෑන් එකක් තිබ්බේ නෑ – ජනපති අපේක්ෂක ගෝඨාභය

editor

editor

Next Post

මගේ සුදු වෑන් එකක් තිබ්බේ නෑ - ජනපති අපේක්ෂක ගෝඨාභය

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

4 April 2025
රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයට හදිසියේ මොකද උනේ ?

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයට හදිසියේ මොකද උනේ ?

30 April 2025
ගනේමුල්ල සංජීව ඝාතනයේ සහායිකාව, සෙව්වන්දි ?

ගනේමුල්ල සංජීව ඝාතනයේ සහායිකාව, සෙව්වන්දි ?

20 February 2025
බන්ධනාගාරයේදී දේශබන්දු නිරුවත් කරලා..? – මානසිකවත් වැටිලාලු

බන්ධනාගාරයේදී දේශබන්දු නිරුවත් කරලා..? – මානසිකවත් වැටිලාලු

21 March 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
මහින්දගේ ප්‍රධානත්වයෙන් දේශපාලන රැස්වීමක්

මහින්දගේ ප්‍රධානත්වයෙන් දේශපාලන රැස්වීමක්

9 May 2025
රට පුරා වේගයෙන් පැතිරෙන වෛරසය ගැන දැනගමු

රට පුරා වේගයෙන් පැතිරෙන වෛරසය ගැන දැනගමු

9 May 2025
ගුවන් අනතුරින් මිය ගිය ගණන සහ තවත් තොරතුරු

ගුවන් අනතුරින් මිය ගිය ගණන සහ තවත් තොරතුරු

9 May 2025
නව පාප් වහන්සේ Robert F. Prevost

නව පාප් වහන්සේ Robert F. Prevost

9 May 2025

Recent News

මහින්දගේ ප්‍රධානත්වයෙන් දේශපාලන රැස්වීමක්

මහින්දගේ ප්‍රධානත්වයෙන් දේශපාලන රැස්වීමක්

9 May 2025
රට පුරා වේගයෙන් පැතිරෙන වෛරසය ගැන දැනගමු

රට පුරා වේගයෙන් පැතිරෙන වෛරසය ගැන දැනගමු

9 May 2025
ගුවන් අනතුරින් මිය ගිය ගණන සහ තවත් තොරතුරු

ගුවන් අනතුරින් මිය ගිය ගණන සහ තවත් තොරතුරු

9 May 2025
නව පාප් වහන්සේ Robert F. Prevost

නව පාප් වහන්සේ Robert F. Prevost

9 May 2025
ttvnews.lk

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

මහින්දගේ ප්‍රධානත්වයෙන් දේශපාලන රැස්වීමක්

මහින්දගේ ප්‍රධානත්වයෙන් දේශපාලන රැස්වීමක්

9 May 2025
රට පුරා වේගයෙන් පැතිරෙන වෛරසය ගැන දැනගමු

රට පුරා වේගයෙන් පැතිරෙන වෛරසය ගැන දැනගමු

9 May 2025
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved