27 April 2024
#දේශීය

ඡන්දය භාවිත කරන්න අනන්‍යතාව තහවුරු කල යුතුයි – මැ.කෝ

මෙවර ජනපතිවරණයේදී ජන්දය භාවිත කිරීමේදී ඡන්ද දායකයන් තම අනන්‍යතාව තහවුරු කිරීම අනිවාර්ය බව මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා පවසයි.

සභාපතිවරයා මාධ්‍ය වෙත කියා සිටියේ එසේම අනන්‍යතාව තහවුරු කිරීමට අදාළ ලේඛණ නොමැති ඡන්ද දායකයන් වෙනුවෙන් අනන්‍යතාව තහවුරු කිරීමේ හැඳුනුම්පතක් ලබාගැනීමේ වැඩපිළිවෙළක්ද සකස් කර ඇති බවයි.

එසේම ඡන්දදායකයින් විසින් සිය ඡන්දය ප්‍රකාශ කිරීමේදී, ජාතික හැදුනුම්පත, වලංගු විදේශ ගමන් බලපත්‍රය, වලංගු රියදුරු බලපත්‍රය, රාජ්‍ය සේවා විශ්‍රාමික හැදුනුම්පත,වැඩිහිටි හැදුනුම්පත, පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව මගින් නිකුත් කරන ලද පුජ්‍ය/ පුජක හැදුනුම්පත ලියවිලි අතරින් එකක් ඉදිරිපත් කල යුතු බව කොමිෂන් සභාපතිවරයා කියා සිටියේය.

Leave a comment

Your email address will not be published. Required fields are marked *